විද්‍යාත්මක සහ වෘත්තීයමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක් වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ අභිමානයෙන් සමරනු ලබයි.
දේශීය කෘෂි කර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර ගණනාවක් ගනු ලැබීය. සමාගම විසින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන යන පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙළ ද, තිරසර කාබනික කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් සාමූහික සැලසුම ද, ස්විට්සර්ලන්තයේ FiBL සහ HAFL ආයතනවල මෙන්ම මෙරට කෘෂි ක්ෂේත්රයේ විවිධ අංශවල විශේෂඥ දැනුම ද ඊට උපකාරී විය. 2018 වසරේ සිට සිදුකරන ලද අත්හදා බැලීම්වලින් අනතුරුව මේ වසර මුලදී සුපර් යූරියා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බවර් සමාගම කටයුතු කළේ ද එම ප්‍රතිපත්තිය මූලික කර ගනිමිනි.