Home » සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව ආයෝජකයින්ගේ අවධානයට

සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව ආයෝජකයින්ගේ අවධානයට

by sachintha
November 30, 2024 12:37 am 0 comment

වොයේජ් ශ්‍රිලංකා 2024 සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය,ජපානය, තායිලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24,25 දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය. නැව් තැනීම, යාත්‍රා නඩත්තු කිරීම, ඉංජිනේරු සේවා, බංකරින් සහ ඒ ආශ්‍රිත අක්වෙරළ සේවා වැනි විවිධ ක්ෂේත්‍ර හරහා ඇති අවස්ථා පිළිබඳ නියෝජිත පිරිස ගවේෂණය කළහ. ආයෝජකයින් දැනට පවතින දේශීය ව්‍යාපාර සමඟ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම හෝ නව ව්‍යවසායන් ආරම්භ කිරීමේ අවස්ථා ද ගවේෂණය කළහ.

ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), සමුද්‍රීය අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් ප්‍රථම වරට පවත්වනු ලබන වොයේජ් ලංකා -2024 සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division