1.2K
ජෝර්ජ් කීට් පදනම ශ්රී ලංකාවේ චිත්ර කලා ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් ලොව ප්රමුඛ පෙළේ කලා නිර්මාණ, ආභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ වෙන්දේසි සමාගමක් වන Sotheby International සමඟ ඓතිහාසික ගිවිසුමකට එළැඹීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව Sotheby International සමාගම විසින් ප්රථම වරට ශ්රී ලංකාවේදී කලාකෘති වෙන්දේසියක් සිදුකරනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 7, 8 සහ 9 යන දිනවල කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වෙනු ඇත.