Home » ආර්ථිකය නැංවීමට ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්‍රයක්ද අවශ්‍යයි

ආර්ථිකය නැංවීමට ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්‍රයක්ද අවශ්‍යයි

by sachintha
November 30, 2024 12:40 am 0 comment

ශ්‍රී ලංකාවට ආචාර ධාර්මික හා ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්‍රයක් අවශ්‍ය බව, ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, තන්සිල් තාජුදීන් පවසයි.

රටේ ආර්ථිකය සමඟ ‍යන ඉදිරි ගමනේදී සිදුවන ඕනෑම බාධාවක් සම්බන්ධයෙන් වගකීම් ගනිමින්, ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස, අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. දේශීය මාධ්‍ය පිළිබඳ විශ්වාසය සහ ජනමාධ්‍යවේදයේ ගුණාත්මක භාවය යළි ඇති කරමින් සුරක්ෂිත, විශ්වසනීය සහ තිරසර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිපුණත්වය කලාපයේ ඉහළම තැනට නංවාලීමට, අපි මාධ්‍ය ආයතන, වෘත්තිකයන්, බලධාරීන්, උපදේශක කණ්ඩායම්, විද්වතුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් සාමුහිකව ඉල්ලා සිටිමු. වැටුප් ප්‍රමාද සහ සේවක හිඟය, යල් පැන ගිය ප්‍රතිපත්ති සහ ව්‍යාපාර ආකෘති, සුදුසුකම්ලත් පුද්ගලයින් නොමැතිකම, දැනුම හුවමාරුකර ගැනීමේ සහ සහයෝගීතාවයේ ඌණතාව සහ වාර්තාකරුවන් වගවීම සම්පූර්ණයෙන් නොසලකා හැරීම වැනි මාධ්‍ය සේවා ස්ථානවල පවතින බොහෝ මූලික ගැටලු අප්‍රමාදව විසඳා ගත යුතුයි…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division