මේෂ – රැකියා කටයුතුවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබදායි නොවේ. අසන්නට දකින්නට ලැබෙන කරුණු දුක්මුසු ඒවා වේ. දෙවන තුන්වන දිනවලදී ඒ තත්ත්වය පහවී ගොස් කුසල් සිත් පහළ වේ. එවන් කටයුතුවලට සහභාගී වේ. ඇවිදිලි වැඩිය. රැකියාමය පසුබිම අසිරුවේ. එහෙත් යම්කිසි ලාභයක් උපයා ගැනිමට සමත් වෙයි. අපල අවම වීමට ඉවසීම සහ කල්පනාවෙන් කටයුතු කිරීම සුබදායකය.
සුබ අංකයන් – 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
වෘෂභ – සමාජ සත්කාරයට යොමු වෙයි
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ජීවන තත්ත්වය පවත්වාගෙන යාම අසීරුය. පාඩු විඳින්නට සිදුවේ. එහෙත් උත්සාහය ධෛර්ය තුළින් රැකිරක්ෂා ව්‍යාපාර ලාභ යම් තරමකට ගොඩනඟා ගත හැකි වේ. දුර ගමන් බිමන් යෙදී තිබුණද ඒවාට බාධා පැමිණීම නිසා අත්හැර දමයි. සමාජ සත්කාර වැඩසටහන් දියත් කරයි. සෙම් රෝග දණහිස් ආබාධ හටගනී.
සුබ අංක -5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, බදාදා.
මිථුන – මානුෂීය ගුණධර්මවලට මුල්තැන
සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. ආරම්භක දිනය මෙන්ම 3 වන දිනයද යහපත් සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතුය. කරන කියන රැකීරක්ෂාවලින් ලාභ ඉපයීම් කරන්නට මහත් උත්සාහයක් දරන්නට සිදුවේ. මානුෂීය ගුණධර්ම ඉස්මතු වීමෙන් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට පෙලඹෙයි. සිත් රිදීම් කලකිරීම්වලට හේතුයි. අපල අවම වීමට ධර්මය අසන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, බදාදා.
කටක – ආර්ථිකය ස්ථාවරයි
සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ඔවුන්ගේ යහපත සුබසිද්ධිය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරයි. ඒත් සිත් රිදීම් කළ කිරීම් ඇති විය හැකි බැවින් ඉවසා දරා සිටින්නට සිදු වේ. රැකීරක්ෂා ව්‍යාපාරවලින් සාමාන්‍ය ලාභයක් අත්වෙයි. ආර්ථිකය යම් ස්ථාවරත්වයක පවත්වා ගනියි. අසනීප අනතුරු ඇති විය හැකි බැවින් අන්තරාය නිවාරණ පිරිත භාවිත කරමින් අපල අවම කර ගන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ/ සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සඳුදා
සිංහ – රැකියාව වෙනුවෙන් කැපකිරීම්
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. මවුපිය සහයෝගය ඇතිව තම රැකියාමය මෙන්ම ගෙදරදොර කටයුතු ද පවත්වා ගනියි. සමහර වැඩ නිෂ්ඵල විය හැකි නමුදු චිත්ත ධෛර්ය අඩු නොකරගෙන සිටින්න. රැකියාව වෙනුවෙන් මහත් කැපකිරීම් කරයි. ආර්ථිකය පෙර ශක්තිමත් කරගත් පරිදි පවතී. පුණ්‍ය කටයුතුවලට දායක්තවය ලබා දෙයි. අසරණ වු ජනයාට සුළු ආධාරයක් හෝ ලබා දීමෙන් අපල අවම වේ.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
කන්‍යා – විවාහය සහ අධ්‍යාපනයට සුබයි
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ හැකියාවන් තුළින් ඉදිරියට ඒමට අවස්ථා මතු කෙරේ. ගෙදර දොර කටයුතු, මාවුපිය සබඳතා ඇතිව හොඳින් කරගෙන යයි. දරුවන්ගේ ඉගෙනීම, විවාහය වැනි සුබ කටයුතුවලට යම්කිසි සුබ පණිවුඩයක් ලැබීමට ඉඩ ඇත. අපල අවම වීමට අසරණ අයට උදවු කරන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – සුදු සහ කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – මිශ්රපල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ආරම්භය සුබ නොවිය හැක. අතමිට මුදලක් ගැවසුණත් ඊට වැඩියෙන් වියදම් යෙදෙයි. පවුලේ අය එකතුව පුණ්‍ය කටයුත්තකට හෝ සහභාගිත්වයක් ගෙන දෙයි. වචනයක් පිට කිරීමට කලින් සිතා බැලිය යුතු සතියකි. බුද්ධිමත් තීන්දු තීරණ ගන්න. අපල අවම වීමට ඇහුම්කම් දෙන්න. අඩුවෙන් කතා කරන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණය – සුදු, තැඹිලි/ සුබ දවස් – සෙනසුරාදා, සඳුදා
වෘශ්චික – වගකීම් ඉටු කරයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. ආරම්භක දිනය බොහොම ප්‍රවේශමෙන් අන්‍යයන් සමඟ ගනුදෙනු කරන්න. දෙවන තුන්වන දිනයන් අයහපත් නොවේ. පවුලේ වගකීම් හරිහැටි ඉටු කරන්නට මහත් උත්සාහයක් දරයි. වීර්යවන්තව කටයුතු ආරම්භ කරයි. මවගේ සහයද ලැබෙයි. අපල අවම වීමට චිත්ත ආවේග පාලනය කර ගන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණය – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භයේ පාඩුවක් නිෂ්ඵල ගමනක් හෝ සිත් රිදීමක් විය හැකි නමුදු ඉන් පසු දින කීපය අයහපත් නොවේ. සමාජ සේවා පුණ්‍ය කටයුතු පොදු වැඩවලට සහභාගිත්වය ඇති වෙයි. අතමිට මුදලක් ගැවසේ ස්වයං රැකියාවලින් ආදායමක් ලැබෙයි. පදිංචි ස්ථානයේ යම් දියුණුවක් වෙනසක් කිරීමට අදහස් කරයි. අපල අවම වීමට මවට සලකන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බදාදා, සිකුරාදා
මකර – භාරධූර වගකීම්
සඳු ගමන් ගන්නේ 11, 12, 01, 02 යන භාවයන් මතිනි. ආරම්භයේ යම් කිසි ලාභදායි තත්ත්වයක් මතු වීමට හැකි වුවත් සිත් රිදීමක් කළකිරීමක් වැනි දෙයකට ද බඳුන් විය හැකිය. පොදු සාමාජීය කටයුතුවලට උදව් දෙයි. නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ලැබෙයි. දුර ගමන් බිමන් රැකියාවේ කටයුතු ආදිය නිසා අවිවේකය තිබුණත් භාරධූර කර්තව්‍යයන් රැසක් ඉටු කෙරේ. අපල අවම වීමට ධර්මය අසන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල් , රතු / සුබ දවස – සිකුරාදා
කුම්භ – ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියාවේ කාර්යය දේව කාර්ය මෙන් කරන්නට සිදුවේ. ලාභ ප්‍රයෝජන ලැබේ. ආර්ථිකය ශක්තිමත් වේ. ලැබෙන්නට තිබුණු මුදලක් හෝ මේ සතියේ ලැබිය හැකිය. ජනතාවට පිහිටවීමට ඉදිරිපත් වෙයි. එහෙත් අතට මිටට ලැබෙන දේ රඳවාගත නොහැකි තත්ත්වයක් ද පෙන්වයි. අපල අවම වීමට රෝගීන්ට පිහිට වන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.
මීන – පුණ්‍ය සිතුවිලි පල දරයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය තුළ ඔබට සහනශීලී බවක් ගෙන දෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ස්වයං රැකියාවලින් යම් ලාභයක් අත්පත් කර ගැනීමට පුළුවන. දරුවන්ගේ යහපත් අරමුණු සපල වීමේ භාග්‍ය ඇත. විදෙස් ගමන් යෙදෙන්නට ද ඉඩකඩ පෙන්වයි. අපල අවම වීමට බෝ මළුව පිරිසිදු කරන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා