ලෞකික ජීවිත ගත කරන අපේ ජීවිතවලට නිරතුරුවම ප්‍රශ්න ගැටලු පැමිණීම සාමාන්‍ය දෙයකි. ඒ අතරට අපට ඉතාම ප්රබලව මෙන්ම මානසිකව ද බලපාන ගැටලු වන්නේ නීතිමය ප්‍රශ්න, අනවශ්‍ය නඩුහබවල පැටලීම සතුරු කරදර, ආර්ථික ප්‍රශ්න ආදියයි. මේවා අපේ ජීවිතවලට ප්රබලව බලපාන බව පෙනී යන කරුණකි.
මෙකී නොකී ගැටළු, ප්‍රශ්න, 108ක් සඳහා විසඳුම් ලෙස අති ප්‍රබල ගුප්තමය ක්‍රමවේදයක් මම ඔබට අද ඉදිරිපත් කරන්නම්.
ක්‍රමවේදය
මේ සඳහා සූදානම් වන ඔබ ක්‍රමානුකූලව ‘මල් අස්න’ තනාගත යුතුය. සුවඳ දී ඉතා පිරිසිදුව තුන්හිත පහදා පන්සිල් ගෙන පහත මන්ත්‍රයෙන් දහස්වරකට වැඩියෙන් රන් තැඹිලි තෙල් ජීවම් කර දිනපතා තිලක දීමෙන් හෝ සුරයක කර පැලඳීමෙන් ඔබේ දහසක් ප්‍රශ්න හා ගැටලු මඟ හැරී ජීවිතයේ ඒකාන්ත ජයග්‍රහනය ලැබෙනවාමයි. වෙනත් මන්ත්‍ර ක්‍රමවේද මෙයට අවශ්‍ය නොවේ. ඕනෑම අයකුට භේදයකින් තොරව සිදු කරගත හැකිය.
මන්ත්‍රය
ඕං ප්‍රාණ විරාක්ෂණි අම්මේ වාවා කවිරාජ
දේවි අම්මේ වාවා අංගං මෝහිණි වීර භද්‍රකාලී
අම්මේ වාවා ඕං සර්ව පිල්ලි නාරායන ස්වාමි
දේව දිෂ්ටි ශ්‍රියා කාන්තාවි අම්මේ මා දෙස බලා
එං එං ස්වාමි දේවි සරස්වතී අම්මේ
දිෂ්ටි වාවා රතිකාම දිෂ්ටි මොහනි ශ්‍රියා
කාන්තාවි අම්මේ වාවා ශරපත්රකාලි ලෝක
පාල මහිරාම එං එං දිෂ්ටි සරස්වතී
දේවි අම්මේ ශ්‍රී කාන්තා දේවි සිලම්බර
අම්මේ වාවා අන්තු පාල මහිපාල ශ්‍රී
දේවි නාරායන ස්වාමි එං එං මෝහිණි
සර්ව යක්ෂ යක්ෂණි ශ්‍රී දේවි සලිත සලිත
ස්වස්ති ගණපති මෝහිණි ශ්‍රියා දේවි සලිත
සලිත ගිණි ගිණි කිඩ කිඩ වෙට්ටු වෙට්ටු
සලිත දේවි ආරුඪ ශ්‍රී දේවි ස්වාහඃ
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ