Home » දූදරුවෝ

දූදරුවෝ

by Mahesh Lakehouse
November 30, 2024 12:29 am 0 comment

මගේ නංගි

මගේ නංගිගේ නම දෙව්මි චමත්කා ස්කයිලි තෙව­ර­ප්පෙ­රු­මය.
ඇයගේ ප්‍රිය­තම සෙල්ලම වන්නේ බදු­නක් රැගෙන එයට කුඩා ගල් එකතු කිරී­මය. ඇයට අලං­කාර නෙත් දෙකක් තිබේ. ඇය හුරු­බු­හුටි අහිං­සක ගැහැනු ළම­යෙකි. ඒ නිසා මම ඇයට බොහෝ ප්‍රිය­ක­රමි. මගේ නංගීව
ආද­ර­යෙන් රැක­බලා ගන්නට මම හැම විටම උත්සාහ කරමි.

සකිඳු අකේන් ඉඳු­වර
තෙව­ර­ප්පෙ­රුම
5 ශ්‍රේණිය, ඩී. ඇස්. සේනා­නා­යක විද්‍යා­ලය, කොළඹ.


කෝ කොහිද නිද­හස

වල් බිහි වුණු සස­රක් තුළ
ගෙත්තම් ඇඳි විය­නක් මත
වැතිරී ගත් සිහින් සිතක
ලොවම පැට­ලිලා…
නොසිතු ලෙසක කඩා හැලුණු
වැස්ස සමඟ හාද වෙලා
වස්සානේ මල් පිපෙන්න
සිහින පීරුවා…
පාට පිරුණු මල් ලෝකෙක
හිත් යායම අත­ර­මංව
ඉමක් කොනක් නොපෙ­නෙ­න්නට
පැතුම් ඉහි­රුණා…
බුදු ගුණ ගැයු­වත් බැති­යෙන්
පිළි­ප­දින්න අරි අට මඟ
නිද­හස් නැති හද­ව­ත­කට
පාර නොපෙ­ණුනා…

ඩබ්ලිව් .එම්.මල්කි සංජනා
13ජීව විද්‍යා අංශය ‘ඩී‘,
ධම්මි­ස්සර ජාතික පාසල,
නාත්ත­න්ඩිය.


රන්ගිරි දඹුලු විහා­රය

ලක්දිව වැඩිම බුදු ප්‍රතිමා ඇති සෙයකි
ලෙන තුළ ඇති දස්කම් මහ මන­හ­රකි
නොනි­දන විහා­රය ලෙස නම් ලද බිමකි
රන්ගිරි දඹුලු ලෙන අප හට රන් ලෙනකි

දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය, මහ­ර­ගම මධ්‍ය මහා විද්‍යා­ලය,
මහ­ර­ගම.


උදෑ­සන අසි­රිය

උදෑ­ස­නම හිරු කඳු­පන්ති අස්සෙන් දීප්ති­මත්ව නැඟ එයි. හිමි­දි­රි­යේම නින්දෙන් අවදි වූ කුරුල්ලෝ කෑම සොයා පියඹා යති. උද­යේම අවදි වී එන කුරු­ල්ලන්ගේ හඬ දවස තවත් සුන්දර කරති. අනෙක් කුරු­ල්ලන්ට පෙර අවදි වන කුකුළා නිදා­ගෙන සිටින මිනි­ස්සුන්ව ඇහැ­ර­වයි. උදෙන්ම පාසල් යන ළමයි කිරි­කොක්කු රෑනක් මෙන් දිස්වෙයි. උදෑ­සන තිබූ මීදුම දවල් වන විට ටිකෙන් ටික නැතිවී යයි. උදෑ­සන වෙල්යාය අලං­කාර කොළ පැහැ­ය­කින් දිස්වෙයි.

තණ­කොළ මත වැටුණ පිනි බින්දු අපට පෑගෙන විට සියුම් සීත­ලක් ගෙන එයි. උදෑ­සන පිපී තිබුණ නෙළුම් මල් ඒ හිමි­දිරි උදෑ­සන පොකුණ අලං­කාර කරයි. උදෑ­සන සූර්ය­යාගේ ළා හිරු රැස් අපේ ගෙව­ල්වල ජනේ­ල­ව­ලින් හොරෙන් මෙන් රිංගා ඇතු­ළට පැමි­ණෙයි. කොක්කු වෙල්යා­යට පැමිණ සිල් ගෙන මෙන් නොසෙල්වී සිට මාළුන් ඩැහැ­ගෙන ගිල දමති.

උදෑ­සන අවදි වූ කුරු­ල්ලන් පැමිණ එලින් බරවී තිබුණ ගස්වල ගෙඩි ලහිලහියේ අනු­භ­වය කරති. මලින් බරවී ඇති මල්ග­ස්වල පැණි උරා බීමට සම­න­ලුන්, මී මැස්සන් සහ පැණි කුරු­ල්ලන් පැමි­ණෙති. ලේනුන් උදෑ­ස­නම ගස්වල දුව­මින් සෙල්ලම් කරති. සවස, මධ්‍යහ්න කාල අත­රින් ලස්ස­නම කාලය උදෑ­සන කාල­යයි.

ඩී. එන්. පී. හන්සන ගන්සිළු
6 ශ්‍රේණිය ‘ඒ’,
විද්‍යා­ලෝක විද්‍යා­ලය, ගාල්ල.


අනේ ටීචර්

මට නම් බෑ තුනට යන්න
මට ඕනෑ දෙකේ ඉන්න
සාරි පොටේ එල්ලීගෙන
මගෙ ටීචර් ළඟින් ඉන්න…
යන්න වුණොත් දෙකෙන් තුනට
ටීචර් එන්න අපිත් එක්ක
එහෙම එන්න අක­මැති ඇයි
අනේ ටීචර් මට කියන්න…

විනුගි වින්දිලි
2 ශ්‍රේණිය ‘ඒ‘,
(පාසල සඳ­හන් කර නොමැත)


අත්තම්මා

මඟ බලා­ගෙන ඉන්නේ තාම මං
අත්තම්මේ ඔබ එනකං
හැඩට හැඩේ මල් ඔස­රිය ඇඳන්
අත්තම්මා එයි සිහින අරන්
කඩුල්ල අද්දර මල් සුවඳ හමන කොට
වෙලේ ගොයම් කිරි වැදී නැමෙ­න­කොට
අටුවේ කුර­හන් ටික හිමින් කොට­නකොට
අත්ත­ම්මගෙ හඬ ඇසෙයි පුංචි මට
රස මස­වුළු නැතත් ඔබේ ළඟ
පැණි කැවුම් රස දැනෙයි දිව ­අග
දෝර ගලන ඔබේ සෙනෙ­හස් ගඟ
ලොවක් වටි­නවා අත්තම්මගේ උණු­සුම

ඊ.කේ. නදින්සා නුලන්දි සූහියොං
9 ශ්‍රේණිය,
බප/පිළි ධර්ම­සේන ආටි­ගල
බාලිකා විද්‍යා­ලය


සූර්ය බලශක්තිය

සූර්ය බල­ශ­ක්ති­යෙන් අපගේ ගෙද­ර­දොර එදි­නෙදා කට­යුතු සිදු­කර ගැනීමේ තත්ත්ව­යක් තව­මත් අප රටේ බිහිව නැත. ලෝකය බිහි වූ දා සිට අද දක්වාම අප මේ අයු­රින් රැකී සිටින්නේ සූර්ය බල ශක්තියේ පිහි­ටෙන් ය. මිනිස් ශිෂ්ටා­චා­ර­යම ගොඩ­නැඟී ඇත්තේ සූර්ය බලශක්තිය නිසාය. ලෝකයේ සප්ත මහා සාග­ර­ව­ලට ගංගා ඇළ දොළ අත­රින් නිර­න්ත­ර­යෙන් ගලා එන දැවැන්ත ජල ප්‍රවා­හ­ය­න්ගෙන් ඒවා පිරී ඉතිරී යන්නට නොදී ජල වාෂ්ප­ව­ලින් වර්ෂාව ඇති කර­මින් ජීව­යෙන් පුරවා සම­තු­ලි­තව තබා ගැනී­මට මෙන්ම ප්‍රභා­සං­ස්ලේ­ෂ­ණය මඟින් සත්ත්ව­යාගේ පැවැ­ත්ම තහ­වුරු කිරීම සඳ­හා ද සුර්ය බලශක්තිය වැද­ගත්ය. අවා­ස­නා­ව­කට මෙන් සම්ප්‍ර­දා­යික විදුලි පරි­භෝ­ජ­න­යෙන් මිදී සූර්ය බලශක්ති­යෙන් ප්‍රයෝ­ජන ගැනීමේ අව­කා­ශය ලැබී ඇත්තේ ඉතා සුළු පරි­මා­ණ­ය­ක­ටය. අප රටෙහි ඇතැම් පොදු උද්‍යා­න­වල හා මධ්‍යම පාන්තික නිවාස සුළු­ත­ර­යක නාන කාමර සඳහා උණු­ව­තුර ලබා ගැනී­මට සූර්ය පැනල සවි­කර ඇත.

ශ්‍රී ලංකාව ජෛව ස්කන්ධය ජල විදු­ලිය, සූර්යය සහ සුළං ඇතුළු පුන­ර්ජ­න­නීය බල­ශක්ති සම්පත් වර්ග කිහි­ප­ය­කින් සම­න්වි­තය. අප රටේ ජාතික බල­ශක්ති ප්‍රති­පත්ති සහ උපාය මාර්ග, බල­ශ­ක්ති­යෙන් උප­රිම ප්‍රයෝ­ජන ගැනීම සඳහා නවී­ක­ර­ණය විය යුතුය. පුන­ර්ජ­න­නීය බල­ශක්ති සම්පත් වර්ධ­නය කර­මින් ඉදි­රි­යේද කාබන් අවම රටක් බවට පත්වී­මට අප කට­යුතු කළ යුතුය. බල­ශක්ති කාර්ය­ක්ෂ­ම­තා­වය වැඩි දියුණු කර­ගත යුතුය. සියලු ආකා­රයේ පුන­ර්ජ­නීය බලශක්තිය වැඩි වශ­යෙන් ප්‍රව­ර්ධ­නය කළ යුතුය. සමස්ත ලෝක­යම බල­ශ­ක්තිය අර්බු­දය හමුවේ නොයෙක් අභි­යෝගවලට මුහුණ දෙයි. කිසිදු පොසිල ඉන්දධන­යක් නොමැති රටක් ලෙස අප සූර්ය බලශක්තිය වැනි පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු කිරීම වැද­ගත්ය.

එම්.පී. තෙනුරි නවින්මා කීර්ති­සේන
9 ශ්‍රේණිය ‘ඒ‘, මලි­ය­දෙව බාලිකා විද්‍යා­ලය, කුරු­ණෑ­ගල.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division