Home » රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජය කෙහෙළි නංවන පීපල්ස් ඉන්ෂුවරන්ස් PLC

රක්ෂණ ක්ෂේත්‍රයේ දින දින ජය කෙහෙළි නංවන පීපල්ස් ඉන්ෂුවරන්ස් PLC

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment
පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී, ජීවනී කාරියවසම් සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සභාපති, ඉසුරු බාලපටබැඳි

කොතරම් රක්ෂණ සමාගම් තිබුණද වඩාත් වැදගත් වන්නේ එය මොනතරම් ජනතාවට සමීපව සහ ප්‍රායෝගිකව කටයුතු කරනවාද යන කාරණයයි. අතළොස්සක් වූ එවන් ආයතන අතර තමන්ගේම කෙනෙක් ලෙස අප අබියසට එන ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගම වන්නේ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ය. එය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සලකුණු තබා ඇත.

2010 වසරේ මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භ කොට වර්තමානය වන විට මෙරට ප්‍රධානතම රක්ෂණ සමාගමක් ලෙස දැවැන්ත සහ කීර්තිමත් නමක් සටහන් කිරීමට ඊට හැකිවී තිබේ. එය ක්‍රමානුකූලව ගොඩනැඟුණු කීර්තියක් වන අතර, ඊට ඉවහල් වූයේ සමස්ත කාර්ය මණ්ඩලයේ මානවවාදී කැපවීම ය.

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වාහන, දේපළ, වගකීම් සහ මුහුදු රක්ෂණය ඇතුළු පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සඳහා ශ්‍රී ලංකාව පුරා විහිදුණු සේවා මධ්‍යස්ථාන 125කට අධික ප්‍රමාණයක් මඟින් රක්ෂණ පහසුකම් ලබාදෙයි. එපමණක් නොව, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 4.6 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනයක් සහිත සහ A- (ස්ථාවර) ෆිච් ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති සමාගමකි.

2023 වසරේ තුන්වන කාර්තුව සමඟ මේ වසරේ තුන්වැනි කාර්තුව හා සැසඳීමේ දී ආයතනයේ ජාතික විකුණුම් බලකාය දළ වාරික ආදායමේ 17%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මෙවන් අසමසම වර්ධනයක් තුළින් පිළිබිඹු වන්නේ රක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන දැවැන්ත රක්ෂණ සන්නාමය ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් අනුගත වෙමින් පවතින බවයි.

සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ආයතනයේ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, කලාප ප්‍රධානීන් සහ බෙදාහැරීමේ කළමනාකරුවන් ඇතුළුව පළපුරුදු විකුණුම් වෘත්තිකයන් 250 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටී.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී, ජීවනී කාරියවසම් මෙසේ පැවසුවාය.

” 2023 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2024 තෙවෙනි කාර්තුව අවසන් වන විට දළ වාරික ආදායමේ 14% ක වර්ධනයක් වාර්තා කිරීමට හැකි වීම පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ වගේම මේ වසරේ සමස්ත රථ වාහන ආදායම ඇතුළු සියලුම දර්ශක වර්ධනය කර ගැනීමට හැකි වීම, අප සමාගමේ කළමනාකාරීත්වය ගනු ලැබූ තීන්දු තීරණවල නිවැරැදි බවට සහ නවෝත්පාදනවල සාර්ථකත්වයට උදාහරණ සපයනවා. ඒ වගේම මෙම ජයග්‍රහණය තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට මේ ආයතන සතු සියලු සේවක පිරිස සතු හැකියාව සහ ශක්තිය ඉතා හොඳින් පෙන්නුම් කරන බවත් පැවැසිය යුතුමයි.

අවසාන වශයෙන් මෙම සාර්ථකත්වය ලබා ගැනීමට අප සමාගමට ශක්තියක් වූ අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පීපල්ස් ලීසිං පවුලේ සියලු සමාජිකයන්, පාරිභෝගික ජනතාව සහ නිරන්තරයෙන් අපට මඟ පෙන්වන සභාපති ඉසුරු බාලපටබැඳි සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු පාර්ශ්වයන් වෙත ස්තුතිය පුද කර සිටීමට මෙය අවස්ථාවක් කර ගන්නවා…”

සිය ආයතනයේ විජයග්‍රාහී ප්‍රවේශය පිළිබඳ පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ඩෙනිස් හේවාගම දැක්වූයේ මෙවන් අදහසකි.

” පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම ලැබූ මෙම සාර්ථකත්වය වෙනුවෙන් අපගේ අලෙවි කණ්ඩායම වෙත විශේෂ ස්තුතිය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේ ම අප කෙරෙහි විශ්වාසය තබමින් නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින පාරිභෝගික ජනතාවත් මේ අවස්ථාවේ දී කෘතවේදී ව සිහිපත් කිරීමට කැමැතියි. අපගේ මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් වර්ධනය කරා ගමන් කිරීමට අපි නිරන්තරයෙන් කැප වනවා…”

මෙහිදී අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගමේ මෝටර් ප්‍රාරක්ෂණ සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශෂික ජයතිලක ප්‍රකාශ කළේ,

” 2024 වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂ ව captive අංශයේ සමස්ත රක්ෂණ වාරික ආදායම 9% කින් වර්ධනය කර ගැනීමට සමත් වීම ඇත්ත වශයෙන්ම අප ලැබූ ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් පීපල්ස් ලීසිං ආයතන සමූහයේ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පිරිනැමීමට කැමැතියි…” යනුවෙනි.

ලාභදායිත්වය පදනම් කරගත් උපායමාර්ගික වැඩපිළිවෙළක් මත ආයතනය මෙහෙයවනු ලබන්නා වූ සභාපති ඉසුරු බාලපටබැඳි ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය ද, 2010 පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ආරම්භයේ පටන් ආයතනයේ මෙහෙයුම් කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරිනී ජීවනී කාරියවසම් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ද, සශික ජයතිලක සහ captive අංශයේ සියලු නිලධාරීන්ද, රක්ෂණ විකුණුම් ක්ෂේත්‍රයේ පරිනතයකු ලෙස ප්‍රචලිත ඩෙනිස් හේවාගම ප්‍රධාන විකුණුම් නිලධාරී ප්‍රමුඛ විකුණුම් බලකාය සහ සෙසු සියලු නිලධාරීන් එක්ව දින දින ජය කෙහෙළි නංවන රක්ෂණ කඳවුරේ ප්‍රමුඛයා පීපල්ස් ඉන්ෂුවරන්ස් බව යළි යළිත් තහවුරු වී හමාරය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division