Home » මගී ආවරණ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ

මගී ආවරණ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

රට පුරා ඉදි කර ඇති මගී ආවරණ නිසා ජනතාවට අව්වෙන් වැස්සෙන් නොතෙමී බසයක පැමිණෙන තුරු රැඳී සිටීමට මට හැකියාව ලැබී තිබේ. එය පොදු මගී ජනතාවට ඉමහත් අස්වැසිල්ලකි. මෙවන් වැසි කාලවල එය මගී ජනතාවට සහනයකි.

එහෙත් මෙම මගී ආවරණ පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට ලක්ව තිබේ. එම නිසා මහ නගර, නගර සභා, ප්‍රාදේශීය සභා එකතු වී මෙම මගී ආවරණ නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුය.

මේ සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය නොපමාව යොමු කර, ඒ සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ නම් එය පොදු මගී ජනතාවට මහත් සහනයක් වනු නොඅනුමානය.

වසන්ත ද සිල්වා – වැලිගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division