මෝටර් රථ ලියාපදිංචිය ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කළ හැකි බව මේ වන විටත් සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබේ. මේ නිසා ජනතාව ඒ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීමට පෙලඹී සිටිති.
ඒ අනුව මා 2024 නොවැම්බර් 5 වැනිදා අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලියාපදිංචි කරන ලද යතුරු පැදිය, මෙම වසරේ ලියාපදිංචිය සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන ගියේ මා මේ වන විට එම ප්‍රෙද්ශයේ පදිංචිව සටින බැවිනි.
එහි රථවාහන ලියාපදිංචි කවුළුවේ සිටි අයකු මා හට පවසා සිටියේ මෙම යතුරුපැදිය ලියාපදිංචිය සඳහා අනිවාර්යයෙන්ම ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යා යුතු බවයි.
එහිදී මා එම නිලධාරියා දැනුම්වත් කරමින් පවසා සිටියේ ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ඕනෑම දිස්ත්‍රික්කයකට අයත් වාහන ලියාපදිංචිය සිදු කළ හැකි බව සමාජ මාධ්‍ය මඟින් දැනුම්වත්ව මෙලෙස පැමිණි බවයි.
නමුත් ඔහු පවසා සිටියේ අඹේපුස්ස සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නමක් සඳහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යන ලෙසයි. එවිට මා පවසා සිටියේ “ඒ බව ප්‍රසිද්ධියේ ජනතාව දැනුම්වත් නොකරන්නෙ මන්දැයි කියාය. එවිට ඔහු පවසා සිටියේ “එය රජයේ තීරණයක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් ජනතාව අතට පත්වන තොරතුරු නිවැරැදි නොවන බවය.
කරුණු කෙසේ වෙතත් රජයක් ලෙස මෙවැනි මහජනතාව අපහසුතාවට පත්වන තොරතුරු නිවැරදිව මහජනතාව අතට පත් කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
සනුජ් ලෝමිත – ගල්නෑව