විශ්වවිද්‍යාල, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල වසර 20, 30, 35 වශයෙන් සේවය කළ සේවකයින් වයස 60 පිරුණු පසු සේවයෙන් විශ්‍රාම ලැබුවද ඔවුනට ස්ථිර විශ්‍රාම වැටුපක් නොමැතිය. ඇතැමුන් සේවයෙන් විශ්‍රාම යනතෙක්ම තමන්ට කියා ඉඩමක් ගෙයක් නැතිව කුලී නිවෙස්වලම ස්වකීය දරු මල්ලන් සමඟ ජීවත් වෙති.
මෙලෙස විශ්‍රාම යන සේවකයින්ට ලැබෙන්නේ අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභයත් සේවා පාරිතෝෂිකයත් පමණි. බොහෝවිට කුලී නිවාසවල ජීවත්වන මොවුන්, මිය යන විටත් එහිම නිෙවසන හෙයින්, ඔවුනගේ අඹු දරුවන්ට උන්හිටිතැන් අහිමිවන අවස්ථා එමටය. ඇතැමුන් ණයතුරුස්වලින් මිරිකී කිසිවක් කරගත නොහැකි තත්වයට අසරණ වී සිටිති.
පැවැති ආණ්ඩුවලට මෙය දුක්ගැනවිල්ලක් ලෙස ඉදිරිපත් කළද ඒවාට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
එසේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් බොහෝමයක් දැන් මිය ගොස් ඇතත් තවත් කිහිපදෙනෙකු 80 විය ඉක්මවමින් ජීවත් වෙති. ඇතැම්විට ඔවුනට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හෝ එදිනෙදා වේල පිරිමසා ගැනීමටවත් හරිහමන් මුදලක් නැත.
මෙලෙස ඉමහත් අපහසුවෙන් ජීවත්වන අසරණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හෝ මාසික දීමනාවක් හෝ ලබාදීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉතාම හෘදයාංගමව ඉල්ලා සිටිමි.
හිඳගල රත්නායක
කඩුගන්නාව