324
පලස්තීන ජනතා සහයෝගිතාව සඳහා වන එක්සත් ජාතීන්ගේ දිනය ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පසුගිය සිකුරාදා (29දා) පැවැත්විණි. එහිදී හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් විසින් රචිත ‘පලස්තීනය’ නම් ග්‍රන්ථය එළිදැක්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre’ Franche විශේෂ දේශනයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ භාරකාර Hisham Abutaha සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූහ.
ඡායාරූපය- චින්තක කුමාරසිංහ