Home » වලහන්දූව වතුයාය හරි පාරට ගනී

වලහන්දූව වතුයාය හරි පාරට ගනී

by Mahesh Lakehouse
November 30, 2024 12:28 am 0 comment

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ පරිපාලනය යටතේ පවතින වලහන්දූව රාජ්‍ය වතුයායේ පසුගිය කාලයේ සිදු වූ නීතී විරෝධි කටයුතු පාලනය කර එහි මෙහෙයුම් සහ පරිපාලන කටයුතු මනා කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යෑම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව විශ්‍රාමික හමුදා සාමාජිකයන් දෙදෙනකු බඳවා ගැනීමෙන් පසු එම චතුයාය ලාභ ලබන තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එච්.එන්. පී. ජිනසේන පවසයි.

පසුගිය කාලයේ එම වතුයායේ නීති විරෝධී කටයුතු සිදුවූ බවත් වතුයායේ හිටපු වතු අධිකාරිවරයාට වතුයායේම පිරිස් විසින් විටින් විට මරණීය තර්ජන සිදු කිරීම සහ අනවසර ඉඩම් අල්ලා ගැනීම් නිසා චතුයායේ පරිපාලනය සම්පුර්ණයෙන් ආයතනයෙන් ගිලිහී එහි යන්ත්‍රණය අඩපණ වූ බවත් සඳහන් කළ සාමාන්‍යාධිකාරිවරයා, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහිත මුර පොළවල් යොදා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් වතුයායේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර එම දෙපාර්තමේන්තුවට ඇති විවිධ සීමාවන් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ බවත් කීය.

ඒ අනුව එම වතුයායේ පාඩු අවම කර එය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය වැවිලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් දෙදෙනා බඳවා ගැනීමෙන් පසු මේ වන විට වතුයායේ පාඩු අවම වෙමින් තිබෙන අතර, අනවසර ඉඩම් අල්ලා ගැනීම් සම්පූර්ණයෙන්ම නවත්වා ගැනීමට කටයුතු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

වැවිලි සංස්ථාවේ වාහන සම්බන්ධයෙන් පැවති ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ සහ ගිණුම් කාරක සභාවේ සාකච්ඡාවට භාජන වූ බවත් සංස්ථාවට අනුමත කාර්ය මණ්ඩලයේ මෝටර් කාර්මික දැනුමක් සහිත තනතුරක් නොමැති හෙයින් වාහන නඩත්තු සහ අලුත්වැඩියාවන් බාහිර ආයතනවලින් සිදු කරගැනීමේදී මුදල් නාස්තිය ඉහළ යෑම සහ මුදල් අවභාවිතයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වූ බවත් සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ විශ්‍රාමික හමුදා නිලධාරියකු ඒ සඳහා පත්කිරීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන අංශයේ පැවති ගැටලු රැසක් නිරාකරණය කර නඩත්තු කටයුතු සඳහා මෙතෙක් දරන ලද අති විශාල වියදම ද විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි වූ බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු කාර්ය මණ්ඩලයට පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වන අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති බවත් එම අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාවේ පුරප්පාඩු සඳහා පමණක් පුවත්පත් දැන්වීම් පල කර, සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ සුදුසුකම් හා පළපුරුද්ද සහිත අපේක්ෂකයන් පමණක් බඳවා ගෙන ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා කීය.

සුරේකා ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division