616
2019 වසරේ ජනාධිපතිවරණ සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයෙන් රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අමතරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව ද මෙම චෝදනා එල්ල කර තිබුණි.