Home » සජබ – සිලින්ඩරේ ජාතික ලැයිස්තුවට තවමත් බාලගිරි දෝෂය

සජබ – සිලින්ඩරේ ජාතික ලැයිස්තුවට තවමත් බාලගිරි දෝෂය

by Mahesh Lakehouse
November 30, 2024 12:33 am 0 comment

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සිළුමිණට පැවැසීය.

2024 මහ මැතිවරණයට අනුව සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5ක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තේරි පත්විය.

සිළුමිණ කළ විමසීමේදී හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවැසුවේ අවසන් තීරණය පිළිබඳ තවමත් නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, එනමුත් හැකි ඉක්මනින් අවසන් තීරණයකට පිවිසෙන්නට සිදුව ඇති බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මේ වන විටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සමගි ජන බලවේගය හා සන්ධානගතව තරග කළ පක්ෂ මෙන්ම ස්වාධීනව විශාල ඉල්ලුම් රැසක් පවතින බවයි.

එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද මේ දක්වා තීරණයක් ගෙන නොමැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division