හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ නඩුව විභාගයට ගැනීම පසුගිය සිකුරාදා (29) ආරම්භ කෙරුණු අතර එය 2025 වසරේ පෙබරවාරි 18 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියම කෙරිණි. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ තම පෞද්ගලික ජංගම දුරකතන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000 කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
ඒ් හරහා රජයට පාඩුවක් සිදුකළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නඩු පවරා ඇත.
මේ චෝදනාවේ වගඋත්තරකරුවකු ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.