සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති චන්ද්‍රසිරි සේදරහෙට්ටිගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සේදර ගී මියැසිය’ නමින් ලබන දෙසැම්බර් 7 වැනිදා මාතර සණස ශාලාවේදී පැවැත්වෙන්නේ මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාදක මණ්ඩලයේ සංගීත මුසුවෙනි. ආරාධිත ගායන ශිල්පියකු ලෙස එදින ප්‍රසංගයට සහභාගි වන කරුණාරත්න දිවුල්ගනේ ද ප්‍රසංගය සඳහා ගීත රැසක් ගායනා කිරීම විශේෂත්වයකි.
මෙතෙක් සංගීතඥයකු ලෙස ප්‍රකටව සිටි චන්ද්‍රසිරි සේදරහෙට්ටිගේ ගායකයකු බවට පත්වන්නේ ද අහම්බෙනි. ඒ කරුණාරත්න දිවුල්ගනේගේ දායකත්වයෙන් යැයි කීවද වරදක් නොවේ. ඔහුගේ පෙම් කවක් ගීතය සඳහා චන්ද්‍රසිරි විසින් කළ ‘කවර් සෝංග්‘ එක ලොව පුරා වයිරල් වන්නට පටන් ගත්තේ ඔහු ද නොදැනුවත්වය. ගායන ශිල්පියකු ලෙස ඔහු තුළ සැඟව තිබූ හැකියාව ඉස්මතු වීමට පටන් ගත්තේ එම ගායනයත් සමඟිනි. මෙම ප්‍රසංගය ඔහුට සුවිශේෂී වන්නේ ද එබැවිනි. මෙම ප්‍රසංගය ඔහුගේ දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා නොඅනුමානය.
සේදර ගී මියැසිය නමින් පවත්වනු ලබන තම පළමු ඒක පුද්ගල ප්‍රසංගය පිළිබඳව ඔහු පළ කළේ මෙවන් අදහසකි.
“මෙච්චර කාලෙකට මං සංගීතඥයෙක් විදිහට කටයුතු කළාට ගීත ගායනා කරලා තිබුණේ නෑ. දවසක් මගේ චූටි පුතා සින්දුවක් පටිගත කරමින් ඉද්දි මං විහිළුවට වගේ කිව්වා මටත් සින්දුවක් කරන්න ආසයි කියලා. ඔහු කිව්වා හා එහෙනම් අපි කරමු කියලා. කිසිම සූදානමක් නැතුව එදා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ‘පෙම් කවක්’ ගීතය රෙකෝඩ් කරලා පුතා ඒක යූටියුබ් දාලා තිබුණා. එක ලෝකය පුරා පැතිරිලා පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබුණා. සතියක් ඇතුළත මිලියනයක් බලලා තිබුණා. ඒත් එක්ක තමයි මට ගීත ගායනය පිළිබඳ කැමැත්තක් ආසාවක් ඇති වුණේ. ඊට පස්සෙත් කවර් සෝංග් කිහිපයක්ම කළා. මගේම කියල නිර්මාණයක් විදිහට කළේ රචිතා වාකිෂ්ට විසින් පද රචනය කළ තිළිණ රුහුණගේ සංගීතය සැපයූ ‘තව සැරයක් කියන ගීතය. ඊට පස්සෙත් ගීත 15ක් විතර කළා.
ප්‍රසංගය දවසට මගේ බිරිය එස්. සේදර විසින් ලියපු මගේ ලොකු පුතා සංගීතය නිර්මාණය කළ මවිසින් ගයන ගීතයක් එළි දක්වනවා. ඒක අපේ පවුලේ ගීතයක්. ප්‍රසංගය සඳහා මගේ ගීත 10ක් තෝරගෙන තියෙනවා. ඒ වගේම දිවුල්ගනේ මහත්මයාගේ ගීත 4ක් තෝරාගෙන ගයනවා. දිවුල්ගනේ මහත්මයා ගීත කිහිපයක් ගයන්නට සූදානමින් ඉන්නවා. හැමෝටම ආරාධනා කරනවා එදාට මගේ ප්‍රසංගය නරඹන්නට එන්න කියලා.
නාමලී ගමගේ