නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිෙවසක සුළු සිද්ධියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගිය සිකුරාදා (29) මරණීය දණ්ඩනය නියම කළේය.
2016 වසරේ ජූලි 20 වැනිදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි. නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මරණ දඬුවම නියම වූවන් බන්ධනාගාරයට ගෙන යාමේදී ඔවුන්ගේ ඥාතීන් අපරාධකරුවන් බදාගෙන හඬා වැලපුණු අවස්ථාවයි මේ.
සේයාරුව – සුදත් මලවීර