Home » අලුත් මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලලා නැහැ

අලුත් මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලලා නැහැ

by chanaka
December 3, 2024 11:43 am 0 comment

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මේ දක්වා ගිනි අවි සඳහා ඉල්ලුම් කර නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, කිසියම් මන්ත්‍රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක ඊට අදාළව නිර්දේශ ලබා දීමට පියවර ගන්නා බවය.

මන්ත්‍රීවරුන් 95 දෙනෙකු පමණ මේවන විට නිල නිවාස ඉල්ලා ඇති බව, පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, නිල නිවාස මන්ත්‍රීවරුන්ට භාරදීම මේ සතිය තුළ සිදුකරන බවය.

මේවන විට නිවාස 45 ක් පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් බවත් සෙසු නිල නිවාස ද කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව ඇය පැවසුවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division