188
මොහොමදු සාලි නාහිම් මහතා කථානායක අශෝක රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස අද(03) දිවුරුම් දුන්නේය.
ඔහු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකි.
පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය.
ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.
ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.