නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව (Q3) සඳහා සිය මූල්‍ය කාර්ය සාධන ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2024 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදි.
NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමේ සහභාගිත්වයෙන් පැවති මෙම හමුව Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදි. ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් බැංකුවේ 2024 තුන් වන කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය සහ උපාය මාර්ගික මඟ පෙන්වීම පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකින් අනතුරුව සහභාගී වූවන්ගේ ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් සහ බැංකුවේ මෙහෙයුම් සහ අනාගත සැලසුම් පිළිබඳ පැහැදිලි කිරීමක්ද ලබාදෙන ලදි.
මෙම සැසිය පර්යේෂණ විශ්ලේෂකයින්, කොටස් තැරැව්කරුවන්, අරමුදල් කළමනාකරුවන් සහ ආයෝජකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් පිරිසකගෙන් සමන්විත විය.