Home » Raffles ආහාරපාන සේවාවේ 25 වැනි වසර සමරයි

Raffles ආහාරපාන සේවාවේ 25 වැනි වසර සමරයි

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd, 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගත් සුවිශේෂී සැලසුම් ගණනාවක් සමඟ සමාගම වර්ධනීය යුගයකට පියවර තබයි. විශේෂයෙන් දිවයින පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිකර ගන්නා ස්ථානවල පිහිටි බුටික් හෝටල් කළමනාකාරීත්වය වෙත යොමුවීමට සමාගම සූදානම් වේ. එමෙන්ම, අංක 35, බගතලේ පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි Raffles අවන්හල වැනි ස්ථානයක් නැවතත් එළැඹෙන වසරේදී විවෘත කිරීමටද සමාගම කටයුතු කරයි.

මේ පිළිබඳ Raffles නිර්මාතෘ හා සභාපති ටෝනි බොහොරාන් පැවසූයේ “ගත වූ කාලය පුරා වසංගත හා ආර්ථික අර්බුදය වැනි බාධක හමුවේ, ඔරොත්තු දීමේ හැකියාව සමඟ සාර්ථක වර්ධනයක් අත් කර ගැනීමට Raffles සමත් වුණා. නව්‍යතාවයෙන් කටයුතු කිරීම තුළ එම අභියෝග ජය ගැනීමට හැකි වීම සතුටක් සහ ආඩම්බරයක්…”යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division