ඉන්දියාවේ ප්රමුඛ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයකු වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදු කරන Ather 450X ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන Atman Group esa Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලාංකේය තිරසර විදත් ප්‍රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියකු වන Evolution Auto සමාගම විසින් මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලිය හඳුන්වා දීම සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට Ather Energy වෙනුවෙන් එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නේත් පොකේලා සහ අලෙවි හා සේවා අංශ ප්‍රධානී ගරින්දර් සිං මෙන්ම, Sino Lanka Pvt Ltd සභාපති බොබ් කුන්ඩන්මාල්, අධ්යක්ෂ ධිරේන් කුන්ඩන්මාල්, Atman Group අධ්යක්ෂ නාදන් සිවඥානදන් සහ Atman Group අධ්යක්ෂ රංජින් ලියෝන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.
Ather Energy වෙතින් Ather 450X ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකාවට
547
previous post