Home » ලංකා බැංකුව ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳගනී

ලංකා බැංකුව ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳගනී

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ලංකා බැංකුව තැපැල් කාර්යාල හරහා සිය සේවා පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදු කෙරිණි. සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහිදුණු තැපැල් කාර්යාල ජාලය සමඟ එක් වෙමින්, ලංකා බැංකුවේ සුවිශේෂී සේවාවන් ග්‍රාමීය ජනතාව අතරට ගෙනයාම මෙහි ප්‍රධානතම අරමුණ වන අතර, තැපැල් සහ උප තැපැල් කාර්යාල 100ක් හරහා මෙම ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් විය. එහි දී ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා තැපෑල යන ආයතන ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි.

මේ පිළිබඳ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා තැපෑල අත මෙම සහයෝගීතාව, ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා බැංකු පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ සංධිස්ථානයක් සනිටුහන් කරනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division