මෙය කියවන ඔබ භාග්‍යවතුන් කොටසට මෙන්ම ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ ආශීර්වාදයට, නිතැතින්ම පත්වනු නොඅනුමානය. ඉතා භක්තිමත් ලෙස මේ පූජාව ඔබේ ජීවිතයට නව කොටසක් වශයෙන් එකතු කරගන්න. මේ පිළිවෙතට හුරුවන ඔබගේ දුක් කරදර, කම්කටොලු අවසන් බවද මම අවධාරණය කරමි.
මනුලොව මෙන්ම, දෙව් ලොවත් රූමත් බවේ සංකේතය ලෙසත් වාසනාවට, සම්පතට, ඓශ්චර්යය ශ්‍රී සමෘර්ධියට, ශ්‍රී දේවිය ලෙස උතුම් ලක්ෂ්මි දෙවඟන හඳුන්වයි. උතුම් ලක්ෂ්මි දෙවඟන විෂ්ණු දෙවිඳුගේ ප්‍රියාදර මෙහෙසියයි. ඉතාම භක්තියෙන් සියලු චාරිත්‍රානුකූලව ශ්‍රී ලක්ෂ්මි දෙවඟන ඔබේ නිවෙස තුළට වැඩම කිරීමෙන් ඔබ සියලු දෙනාගේ ජීවිතවලට නව පිටුවක් පෙරළෙන බවත්, දියුණුව, සතුට, සැනසීම ඔබ කරා එන බවද මම බලවත්ම අත්දැකීම් තුළින් ඔබට පසක් කරමි.
උතුම් ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ ආශීර්වාදය ලබා ගැනීමට සැරසෙන ඔබ කළ යුතු යම් වතාවත් කොටසක් තිබේ. මගේ ජ්‍යොතිෂ්‍යය දිවියේ අත්දැකීම් තුළින් මේ පෑන් තුඩ මෙහෙය වන්නේ දිවි දිනන තවත් අයෙකු මෙලොවට අලුතින් එකතු කිරීමේ අරමුණෙනි. ඔබට දියුණුවේ හිණි පෙත්තටම නැඟීමට උතුම් ලක්ෂ්මි දෙවඟනගේ ගෞරවාදරයට, ආශීර්වාදයට පාත්‍ර වනු කෙනෙකු වීම මේ බලවත් ශ්‍රී ලක්ෂ්මි දෙවඟන වන්දනාවෙන් හැකිවනු ඇත. පූජාවට සුදානම් වන ඔබ ඔබේ මුළු නිවෙස සහ වත්ත පිටිය අස්සක් මුල්ලක් නෑර හොඳින් පවිත්‍ර කරන්න. මකුළු දැල් කඩන්න, අනවශ්‍යයය බඩු බාහිරාදිය ඉවත් කරන්න. ඇඳ ඇතිරිලි, දොර ජනෙල් තිර පිරිසිදුව සෝදා වියළා නැවුම්ව තබන්න. නිවසම දෙහි වතුරින් දෝවනය කරන්න. වත්ත පිටියට කහ සහ දෙහි මිශ්‍ර වතුර ඉසින්න. මුළු නිවෙසේම දොර, ජනෙල් විවෘත කර වාතය නිවෙස ඇතුළට ඒමට සලස්වන්න. නිවසේ සහ වත්තේ සෑම තැනටම කට්ටකුමංජල් මිශ්‍ර සුවඳ දුම් අල්ලන්න. නිවැරදිව මේ චාරිත්‍ර සිදු කළ පසු නිවසේ සියලු දෝෂයන් ඉවත්වේ. පුරුද්දක් ලෙස මේ පිළිවෙත් ඉටු කරන්න. ඔබේ වත්ත පිටියේ බුදුන්ට පූජා කරන සුවඳ මල් වර්ග වවා ගන්න. පුරුද්දක් ලෙස උදය සවස තමාගේ වත්තෙන් නෙළා ගත් සුවඳ, නැවුම්, නොයෙක් වර්ගවල මල් වට්ටියක් පූජා කිරීමට යොදා ගන්න. ඒ් බලගතු ශ්‍රී ලක්ෂ්මි පූජාවට කලින්. නිෙවසේ ඊශාන දෙසින් බුදු පිළිමය තබා වතාවත් උදය සහ සවස කරන්න. විශාලත්වයෙන් වැඩි වතුර බඳුනක් පැන් බඳුන ලෙස බුදුන් වහන්සේගේ නේත්‍රා කෙළින් පූජා කරන්න. පහන් තැබීමට පොල් තෙල්, අබ තෙල්, එළඟිතෙල් මිශ්‍ර කළ පහන් උදය සවස පත්තු කරන්න. ඉතාම සුවඳ හඳුන්කූරු නිවෙසේ දල්වන්න. සුවඳ දුම්ද දිනපතා උදය සවස අල්ලන්න.
විශේෂයෙන් රාත්‍රී කාලයේ ඉඳුල් භාජන අපවිත්‍ර ද්‍රව්‍ය සියල්ල පිරිසිදු කරන්න. මුළුතැන්ගෙය පිළිවෙළටත් පිරිසුදුවටත් දිනපතා තබන්න. දිය ලුණු කිසිදු විටෙක නිවෙස තුළ අඩු නොවන්නට වග බලා ගන්න සශ්‍රීක මුළුතැන් ගෙයක් නිතරම රැකගන්න. සහල්, සීනි, වියළි ද්‍රව්‍ය, කුළුබඩු, අතිරික්තයක් තබා ගන්න. මෙය නිවෙසට ධන යෝගයක් බව මතකයට ගන්න.
උතුම් ශ්‍රී ලක්ෂ්මි දෙවඟන ඔබ නිෙවසට කැඳවා ගැනීම සඳහා ආශිීර්වාදාත්මක පූජාවට අවශ්‍ය දේ.
ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ නිවැරදි කිරි ගරුඬ මූර්තියක්
ඉතා කුඩා තඹ කළයක්, (අඹ කොළ දමා පූජා ප්‍රසාදය සකසන්නේ මෙය මතය)
කිරි බෝතල් 2, රන්වන් පාට තිරයක්, රතු තිරයක්
කුඩා තඹ පහනක් එළඟිතෙල් බෝතල් 01
සුවඳ මල් වර්ග 7, දාස්පෙතියා මල් මාලයක්
සුවඳ දුම්, හඳුන්කූරු, දාස්පෙතියා මල් වට්ටි 01
සුවඳ පලතුරු වර්ග 07, පොල් කිරෙන් සදා එළඟිතෙල් මිශ්‍ර පොංගල් බත් කුඩා මුට්ටියක්, පඬුරු කාසි 07 ක්
බුලත් කොළ 07 ක්, සහල් මිටක්, සඳුන් කුඩු ටිකක්.
නිතරම මෙම පූජා තබන විට පිරිසුදුවත්, සුවඳ විලවුන් ගල්වාගෙන සුවඳවත්ම සිටීම දේව ආශීර්වාදයට පත්වන කරුණුය. නිෙවසද නිතරම පවිත්‍රව තබා ගන්න.
ජ්‍යොතිෂය උපදෙස් මත පුර පස දිනෙක ඉතා බලවත් හෝරාවක් යොදාගෙන ඉතාම භක්තියෙන් දෙවඟන වඩම්මවා ගන්න. දින 07 ක් නිර්මාංස වන්න.
නිවෙසට ඇතුළු වන ප්‍රධාන ද්වාරයට සමපේක්ෂව ඉණ වට තෙක් උස් ආසනයක ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ කිරි ගරුඬ මූර්තිය තැබීමට යොදා ගන්න. මෙම පූජාව දින 07 එක දිගට තබන්න.
පළමුව බුදුන් වැඳ පිරිත් කියා දෙවියන්ට පින් අනුමෝදන් කර පිරිත් හඬ මාධ්‍යයේ ශ්‍රී ලක්ෂ්මි දෙවඟන නිවෙසට වඩම්මා ගන්න. දැන් යටින් බඳුනක් තබා ලක්ෂ්මි දෙවඟන ඉතා ගෞරවයෙන්, භක්තියෙන් කිරිවලින් නහවන්න. දිවි ජයගත් ධාර්මිකයන්ගේ සත්‍ය කථාවල ඇරඹුම මෙවන් හාස්කම් සහිත පූජා විධිවලට යොමු වීම බව පසක් කරමි. යස ඉසුරු, මුතු මැණික්, රන් රිදී පමණක් නොව යාන වාහන, නිවාස, උතුම් ලක්ෂ්මිය ඔබට ලබා දෙනු ඇත. දැන් මල් මාලය පලඳවන්න, රන්වන් පාට සළුව, රතු තිරය දෙවඟනගේ දෙපා මුල තබන්න.
සියල්ල දෙවඟනට පූජා කරන්න. ගිතෙල් පහන වරු 03 ක් එක දිගට පත්තු කරන්න. අඹ පත්‍ර දැමූ කුඩා මුට්ටියට දෙවඟන දෙස එක එල්ලේ බලමින් තමාගේ කරදර කම්කටොලු එකිනෙක දෙවිඳුට පවසමින් පඬුරු 07 දමන්න. අවශ්‍ය කන්නලව්ව උතුම් ලක්ෂ්මියට පවසන්නේ මෙලෙසයි. “ඕම් මහා ලක්ෂ්මියේ නමහඃ” තෙවරක් හඬ නඟා කියා මේ පින් අනුමෝදන්ව තමාගේ කාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලන්න.
බුලත් කොළ 7 පිළිමය වටා අතුරා ඒ මත සඳුන් කුඩු ටිකක් ඉස නිවෙසේ සියලු දෙනාගේම නළල මත එම කුඩු තවරා ආශීර්වාද ගන්න. මෙය ඉතා බලගතු පූජාවකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර