Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
December 7, 2024 12:29 am 0 comment

හොඳ යහළුවෙක්

දිවි ගමනේ ගැටලු මැද
දුක් කඳුළු පිසලන්න
පාළු තනිකම ළඟදි
මගේ ළඟින්ම හිඳින…

ලෙඩක් දුකක් අබියසදී
ඔසුවක්ව හිත හදන
ඉදිරියටම යන්න
සවියක්ව ළඟින් ඉන්න…

කෙළිබිමේ ජය ගන්න
නිබඳවම ළඟ හිඳින
නුඹ මගේ මිතුරාය සසරේ
පෙර පිනෙන් ලැබුණ

බිහඳු සන්දිල් කීර්තිසේන
7 ශ්‍රේණිය එච්
මලියදේව විද්‍යාලය
කුරුණෑගල


මගේ රට

නිල් රෙදි පට­කට ඔබ්බන ලද මුතු ඇට­යක් සේ දිලෙයි. එය ශ්‍රී ලංකා­වයි. අලං­කාර ගං කොම­ළි­ය­න්ගෙන් පිරුණු මගේ රට සරු­සාර ගොවි බිමකි. රට මැදින් පටන් ගන්නා ගං කොම­ළියෝ මුහු­දට එක් වෙති. මගේ රටේ විවිධ දේශ­ගු­ණික තත්ත්ව­යන් පවතී.

අතී­තයේ පෙර­දිග ධාන්‍යා­ගා­රය ලෙසින්ද මගේ රට හැඳි­න්විය. සරු පස­කුත් සුන්දර දේශ­ගු­ණ­ය­කුත් හිමි වී තිබේ. අපි සැවොම එක් වී අපේ මව්බිම ආද­ර­යෙන් රැක බලා ගෙන දියුණු කරමු.

එම්. බී. සයුම්දි යෙනාරා, 6 ශ්‍රේණිය
රාජ­කීය මධ්‍ය මහා විද්‍යා­ලය, පොළො­න්න­රුව


ඇයි හඬන්නේ මහ හඬින්

දැන්වත් චුට්ටක් නැවති
කියනවාද වුණ සිද්ධිය
හිත රිදුනද හුඟාරියක්
වැළපෙන්නට ඔය තරම්…
බුදු සාදුට මල් පුදන්න
මල් කඩන්න යන්නත් බෑ
ලොකු වැහි බිඳු කඩන් වැටිලා
වතු සුදු පෙති බිමට වැටිලා…
ගේ පොඩ්ඩ වටේටම
වතුර පාර හරි සැරයි
මං හැදුව පුංචි ඔරු
ගිලි යයි තෙත බරව…
මිදුලේ පිහිඹියා ගහ කැපුවටද
කුණු විසික් කළ විදිය වැරදියිද
ඉවසලා ඉවසලා බැරිම තැනම
කඩාගෙන වැටුණාද පොළවටම…

තෙනුරි නවින්මා කීර්තිසේන,
9 ශ්‍රේණිය ‘ඒ‘,
මලියදෙව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල.


මම

මගේ නම ශර්ෆා ෂාමීල්
මගේ වයස අවුරුදු අටයි.
මට සහෝ­ද­රි­යන් දෙන්නෙක් ඉන්නවා.
මම ඉගෙන ගන්නේ බ්‍රිටිෂ් ජාත්‍ය­න්තර පාස­ලේය.
මගේ අම්මයි තාත්තයි මට ගොඩක් ආද­රෙයි.

ශර්ෆා‍ ­ෂා­මීල්, 3 ශ්‍රේණිය
බ්‍රිටිෂ් ජාත්‍ය­න්තර පාසල, පොල්ග­හ­වෙල


ඇත්ත කියූ කහ කුරුල්ලා

අහසේ ඉහ­ළ­ටම පියා­සර කරන්න පුළු­වන් කෙනා කුරුලු ලොවේ රජු කරන්න කුරු­ල්ලන් තීර­ණය කළා. ඉන් පසු කුරුල්ලෝ සෑම­දෙ­නාම තර­ග­යට සහ­භාගී වුණා. උකුස්සා අහසේ ඉහ­ළ­ටම පියා­සර කළා. එහෙත් උකු­ස්සාගේ තටු­වක් අතර සැඟවී සිටිය කහ කුරුල්ලා, උකුස්සා පහ­ළට එන විට එතැන් සිට ඉහ­ළට ඉඟි­ලුණා. ඒ බව නොදන්නා අනෙක් කුරු­ල්ලන් කුරුලු ලොවේ රජ ලෙස කහ කුරුල්ලා පත් කළා. ඉන් පසු කුරුලු රජුට හිමි ඔටු­න්නද පැල­ඳුවා. දින කිහි­ප­යක් ගත වු පසු ඔටුන්නේ බර කහ කුරු­ල්ලාට දරා ගැනී­මට නොහැකි වුණා. ඉන් පසු කහ කුරුල්ලා, අනෙක් කුරු­ල්ලන් කැඳවා එදා සිදු වු දෙය කුරු­ල්ලන්ට කිව්වා. අනෙක් කුරු­ල්ල­ලන් කහ කුරු­ල්ලාට සමාව දී නියම රජු ලෙස උකු­ස්සාට ඔටුන්න පැල­ඳුවා. ඉන්පසු කුරු­ල්ලන් සතු­ටින් ජීවත් වුණා.

පී. ටී. ගීත්මි කවි­රන්දි,
5 ශ්‍රේණිය
වැයි­හේන කණිෂ්ඨ විද්‍යා­ලය, බද්දේ­ගම


දෙවි­නු­වර පෙර­හර

අපි පසු­ගිය වර්ෂයේ දෙවි­නු­වර පෙර­හර නැර­ඹී­මට ගියෙමු. අපේ ගම­නට මා සමඟ එක් වූයේ අම්මා, තාත්තා, ලොකු අම්මා සහ නංගීය. පෙර­හර නැර­ඹී­මට ඒ වන විටත් විශාල පිරි­සක් රැස්ව සිටි­යහ. පෙර­හර පැමි­ණෙන තුරු නංගීත් මමත් නොඉ­ව­සි­ල්ලෙන් බල සිටි­යෙමු.

පෙර­හරේ පළ­මු­වෙන්ම කස­ක­රුවෝ පැමි­ණි­යහ. ඉන් අන­තු­රුව ගිනි­බෝ­ල­ක­රු­වන් හේවිසි කණ්ඩා­යම පෙර­හරේ ගමන් කරනු අපි දුටු­වෙමු. විවිධ නර්ත­න­ව­ලින් පෙර­හරේ අලං­කා­රය තව තවත් වැඩි විය.

පෙර­හරේ වැඩි වශ­යෙන් දක්නට ලැබුණේ පහත රට නර්තන අංග­යයි. වඩාත්ම මගේ සිත ඇඳී ගියේ බොරු කකු­ල්ක­රු­වන් සහ මොනර නැටුම වෙත­ටයි. දෙවි­නු­වර පෙර­හැර නැවත වරක් නැර­ඹී­මට යාමට මම ආසා­වෙන් බලා සිටිමි.

ඒ. ඩී. අනුත්මී වීත්යා 4 ශ්‍රේණිය ‘බී‘,
උසස් බාලිකා විදු­හල, ගල්කිස්ස.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division