හොඳ යහළුවෙක්
දිවි ගමනේ ගැටලු මැද
දුක් කඳුළු පිසලන්න
පාළු තනිකම ළඟදි
මගේ ළඟින්ම හිඳින…
ලෙඩක් දුකක් අබියසදී
ඔසුවක්ව හිත හදන
ඉදිරියටම යන්න
සවියක්ව ළඟින් ඉන්න…
කෙළිබිමේ ජය ගන්න
නිබඳවම ළඟ හිඳින
නුඹ මගේ මිතුරාය සසරේ
පෙර පිනෙන් ලැබුණ
බිහඳු සන්දිල් කීර්තිසේන
7 ශ්‍රේණිය එච්
මලියදේව විද්‍යාලය
කුරුණෑගල
මගේ රට
නිල් රෙදි පටකට ඔබ්බන ලද මුතු ඇටයක් සේ දිලෙයි. එය ශ්‍රී ලංකාවයි. අලංකාර ගං කොමළියන්ගෙන් පිරුණු මගේ රට සරුසාර ගොවි බිමකි. රට මැදින් පටන් ගන්නා ගං කොමළියෝ මුහුදට එක් වෙති. මගේ රටේ විවිධ දේශගුණික තත්ත්වයන් පවතී.
අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසින්ද මගේ රට හැඳින්විය. සරු පසකුත් සුන්දර දේශගුණයකුත් හිමි වී තිබේ. අපි සැවොම එක් වී අපේ මව්බිම ආදරයෙන් රැක බලා ගෙන දියුණු කරමු.
එම්. බී. සයුම්දි යෙනාරා, 6 ශ්‍රේණිය
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, පොළොන්නරුව
ඇයි හඬන්නේ මහ හඬින්
දැන්වත් චුට්ටක් නැවති
කියනවාද වුණ සිද්ධිය
හිත රිදුනද හුඟාරියක්
වැළපෙන්නට ඔය තරම්…
බුදු සාදුට මල් පුදන්න
මල් කඩන්න යන්නත් බෑ
ලොකු වැහි බිඳු කඩන් වැටිලා
වතු සුදු පෙති බිමට වැටිලා…
ගේ පොඩ්ඩ වටේටම
වතුර පාර හරි සැරයි
මං හැදුව පුංචි ඔරු
ගිලි යයි තෙත බරව…
මිදුලේ පිහිඹියා ගහ කැපුවටද
කුණු විසික් කළ විදිය වැරදියිද
ඉවසලා ඉවසලා බැරිම තැනම
කඩාගෙන වැටුණාද පොළවටම…
තෙනුරි නවින්මා කීර්තිසේන,
9 ශ්‍රේණිය ‘ඒ‘,
මලියදෙව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල.
මම
මගේ නම ශර්ෆා ෂාමීල්
මගේ වයස අවුරුදු අටයි.
මට සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා.
මම ඉගෙන ගන්නේ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලේය.
මගේ අම්මයි තාත්තයි මට ගොඩක් ආදරෙයි.
ශර්ෆා ෂාමීල්, 3 ශ්‍රේණිය
බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල, පොල්ගහවෙල
ඇත්ත කියූ කහ කුරුල්ලා
අහසේ ඉහළටම පියාසර කරන්න පුළුවන් කෙනා කුරුලු ලොවේ රජු කරන්න කුරුල්ලන් තීරණය කළා. ඉන් පසු කුරුල්ලෝ සෑමදෙනාම තරගයට සහභාගී වුණා. උකුස්සා අහසේ ඉහළටම පියාසර කළා. එහෙත් උකුස්සාගේ තටුවක් අතර සැඟවී සිටිය කහ කුරුල්ලා, උකුස්සා පහළට එන විට එතැන් සිට ඉහළට ඉඟිලුණා. ඒ බව නොදන්නා අනෙක් කුරුල්ලන් කුරුලු ලොවේ රජ ලෙස කහ කුරුල්ලා පත් කළා. ඉන් පසු කුරුලු රජුට හිමි ඔටුන්නද පැලඳුවා. දින කිහිපයක් ගත වු පසු ඔටුන්නේ බර කහ කුරුල්ලාට දරා ගැනීමට නොහැකි වුණා. ඉන් පසු කහ කුරුල්ලා, අනෙක් කුරුල්ලන් කැඳවා එදා සිදු වු දෙය කුරුල්ලන්ට කිව්වා. අනෙක් කුරුල්ලලන් කහ කුරුල්ලාට සමාව දී නියම රජු ලෙස උකුස්සාට ඔටුන්න පැලඳුවා. ඉන්පසු කුරුල්ලන් සතුටින් ජීවත් වුණා.
පී. ටී. ගීත්මි කවිරන්දි,
5 ශ්‍රේණිය
වැයිහේන කණිෂ්ඨ විද්‍යාලය, බද්දේගම
දෙවිනුවර පෙරහර
අපි පසුගිය වර්ෂයේ දෙවිනුවර පෙරහර නැරඹීමට ගියෙමු. අපේ ගමනට මා සමඟ එක් වූයේ අම්මා, තාත්තා, ලොකු අම්මා සහ නංගීය. පෙරහර නැරඹීමට ඒ වන විටත් විශාල පිරිසක් රැස්ව සිටියහ. පෙරහර පැමිණෙන තුරු නංගීත් මමත් නොඉවසිල්ලෙන් බල සිටියෙමු.
පෙරහරේ පළමුවෙන්ම කසකරුවෝ පැමිණියහ. ඉන් අනතුරුව ගිනිබෝලකරුවන් හේවිසි කණ්ඩායම පෙරහරේ ගමන් කරනු අපි දුටුවෙමු. විවිධ නර්තනවලින් පෙරහරේ අලංකාරය තව තවත් වැඩි විය.
පෙරහරේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ පහත රට නර්තන අංගයයි. වඩාත්ම මගේ සිත ඇඳී ගියේ බොරු කකුල්කරුවන් සහ මොනර නැටුම වෙතටයි. දෙවිනුවර පෙරහැර නැවත වරක් නැරඹීමට යාමට මම ආසාවෙන් බලා සිටිමි.
ඒ. ඩී. අනුත්මී වීත්යා 4 ශ්‍රේණිය ‘බී‘,
උසස් බාලිකා විදුහල, ගල්කිස්ස.