කර්තෘ :- චලනි වාසල බණ්ඩාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර ශිෂ්‍යාවක වූ චලනි වාසල බණ්ඩාර කලාව හොඳින් ප්‍රගුණ කළ යුවතියකි. ඇය පාසල් අවදියේ සිටම නිර්මාණකරණයෙහි යෙදුණාය. “ආදරණීය මාෂා” “උරුමයෙන් ලද සෙනහස” “මතකය නැත නික්මිලා” යන ඇගේ නවකතා තුන අතිශයින් ම සතුටුදායකය. “මනුෂ්‍යත්වයේ මෙහෙයුම” නැමති ඇගේ ඉතිහාස ග්‍රන්ථය ප්‍රවීණ ලේඛකයින් අතර පවා ඇගයීමට ලක්වූවකි.
ඇගේ සහජ හැකියාව අර්ථවත් කරමින් මෙවර ලියන ලද ‘විඩාපත් වියමන්’ තුළ කෙටිකතා 7ක් ඇතුළත්ය. 1. අකලට මල් පරවෙන විට, 2. හැකිවේවි යළි වෙන්න පතිනිය, 3. සැනසෙමින් සනසන්න මේ සසරම, 4. පමා වී අදකල් බොහෝමය, 5. බිඳුණු වියමන තුළම මත් වී, 6. අදටත් පණ ගැහෙනවා ඒ ආදරය, 7. මගේ හිතත් වෙන හිතක් ළඟ අද ‘විඩාපත් වියමන්’ කෙටිකතාවට පෙරවදනක් සපයන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්ශන අංශාධිපතිනිය වූ මහාචාර්ය නාමලි කුමාරි හඳගම පොත පිළිබඳව පවසන අදහස ඉතා වටින්නේය. ‘විඩාපත් වියමන් නැමති කෙටිකතා සංග්‍රහය උසස් කෙටිකතාවක තිබිය යුතු බොහෝමයක් සාහිත්‍යාංගයන් ස්පර්ශ කරමින් නවමු ආකාරයකට පාඨක ලෝකයට පිළිගැන්වීමට දරන වෑයම මම අගය කරමි. සාම්ප්‍රදායික කතා රාමුවෙන් ඔබ්බට ගොස් ගැඹුරු ජීවන දෘෂ්ටියක් මත ගොඩනැඟී ඇති ආකාරයක් පෙන්නුම් කරයි.” පොත එළිදැක්වූ දින ප්‍රධාන දේශනය පැවැත්වූ මහාචාර්ය හඳගම ඒ බව වැඩිදුරටත් තහවුරු කළාය.
කෙටිකතාව තුළින් චලනි වාසල බණ්ඩාර තුළ පහළ වූ බලාපොරොත්තු ගොන්න ශත ගුණයෙන්ම සඵල වේවායි ද ප්‍රාර්ථනය කරමි. මෙමඟින් ඇයගේ ස්වීයත්වය ඔප මට්ටම් වී සරසවිය තුළ කුඩා කුඩා සාහිත්‍ය පර්ෂද තුළින් සමපදස්තයින්ගේ නිර්මාණශීලීත්වය ද ඔප් නැංවීමට හේතු වේවායි පතමි.
විමල් බී. ලියනගේ