Home » අභ්‍යවකාශයේ 100 වැනි යෙහෙළිය එම්ලි කැලැන්ඩ්‍රිල්

අභ්‍යවකාශයේ 100 වැනි යෙහෙළිය එම්ලි කැලැන්ඩ්‍රිල්

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ලෝපතළ සිදුවීම්වලට මෙන්ම ලොව මවිත කළ ත්‍රාසයන්ට ද කාන්තාවන් දායක වූයේ අද ඊයේ නොවේ. මේ අර්ථකථනයට මීට දින කීපයකට පෙර සැබෑම ජීවයක් දුන් ඇය අමෙරිකන් ජාතික එම්ලි කැලැන්ඩ්‍රිල්. ඒ අභ්‍යවකාශයට ගිය 100 වැනි කාන්තාව ලෙස විරුදාවලි ලබා ඉතිහාසයට එක්වීමෙනි. 2024 නොවැම්බර් 22 දා Blue Origion නම් ජෙෆ් බෙසෝස් ට අයත් පෞද්ගලික ගුවන් සමාගමක යානාවකින් සෙසු ගගනගාමීන් පස්දෙනෙකු ද සමඟ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයෙන් අභ්‍යාවකාශයට සාර්ථකව පියනැගූ ඇය අභ්‍යාවකාශය පිළිබඳ මනාව අධ්‍යාපනය ලද සුවිශේෂි දක්ෂතා රැසකින් හෙබි සුන්දර කාන්තාවකි. අනෙක් අතින් සමස්ත ලෝකයටම ආදර්ශවත් දිරිය කතකි.

එම්ලි කැලැන්ඩ්‍රිල්ගේ ගමන් පථය

අභ්‍යවකාශ ගවේෂණය, විද්‍යාත්මක සාහිත්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආදී විෂයයන් සම්බන්ධයෙන් වෘත්තීමය, කතිකාවන් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ද වේ. එම්ලි ගූගල්හි අමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාලයන්වල මැසවුසෙට් තාක්ෂණික විද්‍යාලයේ අභ්‍යවකාශ සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරන අතරම ඇය අන්තර්ජාලයහි හඳුන්වන සුප්‍රසිද්ධ නාමය “Space of Gal” නමිනි.

එම්ලි ඉතාම තරුණ අවධියේ පටන්ම අභ්‍යවකාශ විද්‍යාවට දැඩි ඇල්මක් ඇති තැනැත්තියකි. බටහිර වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික හා ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගත් ඇය ඉන් නොනැවතී විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කිරීමට මැසචුසෙට් තාක්ෂණික විද්‍යාලයට සම්බන්ධ විය.

ඉන්පසු නාසා ආයතනයේ අභ්‍යවකාශ සම්බන්ධ පුහුණුවට අනුයුක්ත වූ එම්ලිට ස්වකීය ආදරණීය සැමියා වූ අභ්‍යාවකාශ ඉංජිනේරු ටොමී ෆෑන්ක්ලීන් හමු වී ඇත්තේ ද මේ පුහුණුව අතරතුරේදී ය. එම්ලි මේ වන විට දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවකි.

යම් අයෙකු ඉතා දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඉදිරි ගමන සැලසුම් කිරීමේ දී ඊට අවශ්‍ය සෑම පැත්තකින්ම උපරිමයට යාමට අවශ්‍ය අවකාශය ක්‍රමවත්ව සකසා ගන්නේ සුළු පිරිසකි. එම්ලි ද එවැනි දුර්ලභ ගණයේ කාන්තාවකි. විෂය දැනුම මෙන්ම ප්‍රායෝගික භාවිතය ද ඉතාම සමබරව රැස්කර ගත් එම්ලි සමාජ මාධ්‍යයේ “ලින්ක්ඩින්” හරහා ලෝකය අතරට ගොස් ඇත්තේ වටිනාකම් රාශියක් පෙරදැරිවය.

එම්ලි ඉංජිනේරුවරියක්, ගත් කතුවරියක්, විද්‍යාව පිළිබඳ කතිකාවියක් මෙන්ම නෙට්ෆිලික්ස්හි “එම්ලිගේ පුදුම පර්යේෂණාගාරය” නමින් ද සුප්‍රසිද්ධව ඇත.

එම්ලි කැලැන්ඩ්‍රිල් අභ්‍යවකාශයට ගොස් ඇය විසින් මුදා හරින ලද වීඩියෝ පටයක් ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, ඇය මේ ආකාරයෙන් අභ්‍යාවකාශයේ විස්මිත සුන්දරත්වය බලාපොරොත්තු නොවූ බවත්, එය කොතරම් ආස්වාදජනක ද යත් එම්ලි ට දැනුණු ඒ හැඟීම මින් පෙර ඇයට දැනී ඇත්තේ සිය දරුවන් ඉපිද මුල්වරට දැකගත් නිමේෂයේ බවය.

ඉතා කෙටියෙන්ම පැවසුවහොත් එම්ලි බහුවිධ දක්ෂතාවලින් හෙබි කාන්තාවකි. ඇයගේ Stay Curious and keep exploring නම් කෘතිය ලොව වාර්තාගත ලෙස අලෙවි වී ඇත.

එමෙන්ම තරුණ කොටස් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින් Ada lace නමින් ග්‍රන්ථ මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඇය කුඩා ළමුන් වෙනුවෙන් විද්‍යාත්මක අත්හදා බැලීම් අඩංගු පින්තූර පොත් පළකර ඇත.

විද්‍යාව, තාක්ෂණය, අභ්‍යවකාශය යන මේ සියලු විෂයයන් ඉතාම සුන්දර රසවින්දනයක් මෙන්ම වැදගත්කමක් ඇති බව එම්ලි ඉතා සරලව හා අරුත්බරව සමාජයට දන්වා ඇත. ඇය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් බව හොඳින්ම පසක් වේ.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division