ලිංගික අධ්‍යාපනය කිවු පමණින්ම රටේ
මතයක් වැරදි ලෙසකින් ජන සිතට වැටේ
නොමඟට ඇදෙන දරුවන් යහමඟට රටේ
දැනුවත් කළ යුතුයි එමඟින් හතර වටේ
“වැරදි පෙම් ඇසුරෙ” ඇති විපතක් පෙන්නා
යොවුන් සිත් සතන්වල පුහුදේ පන්නා
යුග ජීවිතය ගත කළ යුතු සැටි දෙන්නා
පාසැල් අවධියෙම දිය යුතුමයි පෙන්නා
ඉගෙනුම කරන අතරෙදි නොමඟට යන්නේ
කායික සුවය ලබනට සිත යොමු වෙන්නේ
ඒ ගැන පාඩමක් නැත කිසිවෙකු දන්නේ
ඒ නිසා වෙන්න ඇති දරුවන් පැන යන්නේ
ජීවිත පවා නැති කර ගන්නා දරුවන්
ගත යුතු යහමඟට නිසි උපදෙස් පිහිටෙන්
යහපත් දරු පිරිසක් ලෙසකින් සැදුනොත්
එහි ‘ගෞරවය’ හිමිවෙයි පාසල් වෙතකින්
වයි. ඇම්. හරිස්චන්ද්‍ර බණ්ඩාර – මැණික්හින්න