Home » වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට පියවර ගන්න

වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට පියවර ගන්න

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

වසර ගණනකට පෙර ගාල්ල සමුද්‍ර මාවතේ අලුතින් ඉදිකරන ලද නාගරික වෙළෙඳ සංකීර්ණයේ සංවර්ධන කටයුතු අවසන් වී ඇතත් මේ වන තුරු මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බව ගාල්ල නගරයේ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

වසර ගණනකට පෙර ඉදිකරමින් තිබූ මෙම වෙළෙඳ සංකීර්ණයේ සංවර්ධන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර තිබුණද මේ දක්වා නාගරික වෙළෙඳ සංකීර්ණය සුදුසු ක්‍රමවේදයක් යටතේ කඩ කාමර ගාල්ල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලබාදීමට හෝ මෙම නව නාගරික වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු කර නැති බවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ පවසති.

ජනතා මුදල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකර ඇති මෙම වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර 34ක් පමණ ඉදිකර අති අතර, මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට අදාළ අංශ වහා කටයුතු කළ යුතු බවත්. එසේම විනිවිදභාවයෙන් යුතුව ඒවා ලබාදිය යුතු බවත් ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ආර්. එම්. ටී. කේ. රත්නායක මහත්මිය පැවැසුවේ මෙම වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර ලබාදීමට ටෙන්ඩර් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.

දැනට සමුද්‍ර මාවතේ ලක්සල ආයතනය ආසන්නයේ තිබෙන කඩ පේළිය උසාවි නියෝගයකින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එම වෙළෙඳසල් හිමියන් මෙම නාගරික වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර මාසික කුලී පදනම මත තමනට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම ඉටුකිරීමට අපහසු තත්ත්වයක් මේ වන විට පවතින නමුත්, ඉතා කඩිනමින් මෙම වෙළෙඳ සංකීර්ණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඇය විසින් පෙන්වා දුන්නාය.

යක්කලමුල්ල – සන්දීප සනුහත්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division