Home » ලෝක දියවැඩියා දිනය දා ජාතික රෝහලේ දී සුවිශේෂී අත්දැකීමක්

ලෝක දියවැඩියා දිනය දා ජාතික රෝහලේ දී සුවිශේෂී අත්දැකීමක්

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment
විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සහ දියවැඩියා රෝග විශේෂඥ උදිත බුළුගහපිටිය ප්‍රමුඛ වැඩසටහනට දායක වූ හෙද නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය

පසුගිය නොවැම්බරයේ පැවති ලෝක දියවැඩියා දිනයට සමගාමීව, සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ජාතික රෝහලේ දියවැඩියා අංශය කටයුතු කළේය.

ඒ අනුව ජාතික රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සහ දියවැඩියා රෝග විශේෂඥ උදිත බුළුගහපිටිය යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන්ට නොලැබෙන විශේෂ අවස්ථාවක් එදින උදා විය. එහිදී මෙම විශේෂඥ වෛද්‍යවරු දෙපළ සමඟ හෝරා කිහිපයක් ගත කර, ඔවුන්ගේ ප්‍රශ්නවලට විශේෂඥ උපදෙස් ලබා ගන්නටත් දියවැඩියා රෝගීන් මුහුණ දෙන පොදු ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත් එහිදී අවස්ථාව උදා විය.

ජාතික රෝහල් පරිශ්‍රයේදී නොවැම්බර් 26 වැනිදා පැවැත්වූ මෙම සුවිශේෂී හමුව සඳහා තෝරාගෙන තිබුණේ ජාතික රෝහලේ දියවැඩියා සායන සඳහා පැමිණෙන HBA1c වාර්තා ඉහළ අගයක් තිබූ රෝගීන් හැට දෙනෙකි.

මෙහිදී දියවැඩියා රෝගය සම්බන්ධයෙන් මෙරට සිටින ඉදිරි පෙළේ වෛද්‍ය දෙපළක් මුණ ගැසී තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට හැකි වූ අතර, දියවැඩියා රෝගීන්ට පොදු සුවිශේෂී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කරන්නටත් රෝගීන්ට අවස්ථාව උදා විය.

HBA1c අගය ඉහළ යෑම හා දියවැඩියාව පාලනයක් නැතිකම නිසා අතුරු ආබාධ වළක්වා ගැනීම කෙරෙහි ද මෙහි දී වැඩි අවධානයක් යොමු විය.

මෙහි විශේෂත්වය වූයේ, පළමු වතාවට කලබලකාරී සායන වාතාවරණයෙන් මිදී, එම රෝගීන් වෙනුවෙන්ම වෙන් වූ පැය කිහිපයක් සඳහා වෛද්‍ය යුවළ සැදී පැහැදී සිටීමය. ඒ නිසාම, රෝගීන් ඉතා සතුටින් එම පැය කිහිපය තුළ වෛද්‍යවරු දෙපළ සමඟ කතාබහ කිරීමෙන් දැනුම්වත් වූ බව දැකගැනීමට ලැබිණි

. “ඔවුන්ගේ ලොකුම බිය තිබුණේ තමන් ගේ දරුවන්ටත් මෙම රෝගය වැලඳේවි ද යන බියයි. එම ප්‍රශ්න සියල්ලටම වෛද්‍ය දෙපළ උපදෙස් ලබා දුන්නා. එදිනෙදා ජීවිතය තුළ දියවැඩියාව සමඟ ඉදිරියට යන ආකාරය කියා දුන්නා. නියැදියක් වූ මේ විශේෂ රෝගීන් පිළිබඳ පසු විපරම් අඛණ්ඩව සිදු කෙරෙන අතර, ඊළඟ මුණගැසීම් වාරයේදී විශේෂයෙන් ඔවුන් ගැන පසු විපරම් සිදු කිරීමට නියම වුණා. මේ පසුබිම ඒ රෝගීන්ට විශේෂ මානසික සුවයක් ගෙනා අත්දැකීමක් වුණා. ” සායන භාර ප්‍රධාන හෙද නිලධාරිනිය එසේ පැවසුවාය. එම අවස්ථාවට සායන භාර හෙද නිලධාරිනිය ප්‍රමුඛ හෙද නිලධාරිනියන් පස් දෙනකු කැපවීමෙන් යුතු දායකත්වයක් ලබා දුන් අතර, සියල්ල සිදු වූයේ විශේෂඥ වෛද්‍ය දෙපළගේ උපදෙස් මතය.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division