Home » සධාතුක කරඬු රථ පෙරහර 12 දින කැලණියෙන් ඇරැඹේ

සධාතුක කරඬු රථ පෙරහර 12 දින කැලණියෙන් ඇරැඹේ

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

බුදුරජාණන් වහන්සේ තුන්වන වර කැලණිය පුදබිමට වැඩම කළ දින සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන් ගිරට වැඩම කර ශ්‍රී පාද පත්මය පිහිටුවීම සිහි කරමින් එළැඹෙන 12 වන දින කැලණි රාජමහා විහාරයේ සිට ගල්පොත්තාවල, ශ්‍රී පාද රාජමහා විහාරය දක්වා උතුම් සධාතුක කරඬු රථ පෙරහර මෙවරත් පැවැත්වේ.

13 වන දින උතුම් සධාතුක කරඬු වහන්සේ හා සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ හා දේවාභරණ ශ්‍රී පලාබද්දල දක්වා රථ පෙරහරින් වැඩම කරවා 14 වන දින එනම් උඳුවප් පොහෝ දින ශ්‍රී පාද පත්ම කුටියේ තැන්පත් කර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරනු ලබයි.

රථ පෙරහර කැලණි රාජමහා විහාරයේ සිට කඩුවෙල, මාලබේ, අතුරුගිරිය, මීගොඩ, ගලගෙදර, පාදුක්ක, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරය දක්වා ගමන් ගනු ඇත. උතුම් අභිනීල කේශ ධාතුන් වහන්සේලා හා උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත නීලමාණික්‍ය කරඬුව, ඇත්දළ කරඬුවක, රත්ත්‍රරන් කරඬුවක, රිදී කරඬුවක තැම්පත් කර උතුම් සධාතුක කරඬු වහන්සේ ලෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර සහිතව සම්බුදු ගුණ ගායනා රථ, හේවිසි පූජා රථ, සුවඳ දුම් පූජා රථ, මල් ඉසින රථ, ඝන්ඨාර පූජා රථ, පැන් ඉසින රථ, ආදි වූ රථ පෙරහරින් මග දෙපස දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනා මානයට පාත්‍ර කරමින් වැඩම කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division