කොළඹ චැතැම් වීදියේ හෝටලයක පසුගිය 5 වැනිදා පස්වරුවේ හදිසියේ හටගත් ගින්න හේතුවෙන් හෝටලය තුළ සිරවී සිටි විදේශිකයන් තිදෙනෙකු බේරාගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ. ඔවුන්ගේ මැදිහත් වීම හේතුවෙන් විදේශිකයන් තිදෙනා කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගැනීමට හැකි විය.
ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම සඳහා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නිරත පො.කො (91340) පී. එච්. ජී.එස්. එන්. එන් අබේසුන්දර, පො.කො (99354) එස්. එම්. යූ. ඒ අබේවර්ධන, පො. කො (101553) ඩී. එස්. ඩී ජයරත්න, පො.කො (104161) එස්. එස්. එම් ද සිල්වා සහ පො.කො (102085) බී. ඩී. වී. එස් විජේවර්ධන යන නිලධාරීහු සම්බන්ධ වී තිබේ.