ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම යොදාගනිමින් මෙරට ආර්ථික සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය මේ වන විටත් පවත්වා තිබේ.
ඒ අනුව ගුවන්, සමුද්‍රීය සහ ඩිජිටල් ජාල ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ගැන වැඩි අවධානයක් යොමු කර ඇත.
නූතන තාක්ෂණික ක්රමයන්ට අනුව ගෝලීය තරගකාරිත්වයට ගැළපෙන සහ අවශ්‍යතාවන් සපුරාලිය හැකි පරිදි වරාය හා ඒ ආශ්රිත පහසුකම් නවීකරණය කිරීම සහ එමඟින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම සාකච්ඡාව තුළින් ඉස්මතු කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි ආර්ථික ප්රවාහයන් විවිධාංගීකරණය කිරීමේදී මෙරට සාගර කලාපය තුළ ධීවර කර්මාන්තය හා සමුද්‍ර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, ගැඹුරු මුහුදේ සිදු කෙරෙන බලශක්ති ගවේෂණය වැනි තිරසර නීල ආර්ථික ප්රවේශයන් පෝෂණය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න (විශ්‍රාමික), ලක්ෂ්මන් කදිරගාමර් අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ රවිනාථ පී. ආර්යසිංහ, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ සභාපති නිශාන් මෙන්ඩිස් ඇතුළු විද්වතුන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.