Home » කඳුකර දින සැමරීමට වීඩියෝපට තරගයක්

කඳුකර දින සැමරීමට වීඩියෝපට තරගයක්

by Mahesh Lakehouse
December 7, 2024 12:28 am 0 comment

දෙසැම්බර් 11 දිනට යෙදෙන ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම වෙනුවෙන්, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (GCF Knuckles Project) මඟින් ව්‍යාපෘති බලප්‍රදේශයට අයත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශිෂ්‍ය සහ තරුණ ප්‍රජාව අතර නිර්මාණාත්මක කෙටි වීඩියෝපට තරගයක් සංවිධානය කර තිබේ.

ජංගම දුරකතනය මඟින්, තත්පර 90ක කාලයක් තුළ ‘දේශගුණික විපර්යාස, කඳුකරය සහ මම’ යන තේමාව යටතේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබෙන අතර, ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරේ. එමෙන්ම, නිර්මාණාත්මක කෙටි වීඩියෝපට 10ක් නකල්ස් කඳුකර කලාපය ආශ්‍රිත ව්‍යාපෘති සහ සංචාරක ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට ද ව්‍යාපෘති බලධාරීන් තීරණය කර තිබේ.

නිර්මාණ භාර ගැනීම දෙසැම්බර් 8 දින අවසන් වන අතර, MP4ආකාරයෙන් සිය නිර්මාණ යොමු කළ යුතුය.

වැඩි තොරතුරු හා තොරතුරු යොමු කළ යුතු දිගුව සඳහා 070 7552211 WhatsApp අංකය වෙත නම, වයස, අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යොමු කිරීමෙන් ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division