රේගුවේ නීත්‍යනුකූල නොවන ලෙස සිදුවීමට ඉඩ ඇති සියලු ගනුදෙනු වැළැක්වීම උදෙසා හා නිෂ්කාශනයේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට නව යෙදවුම් (ඇප්) දෙකක් හඳුන්වා දී ඇති බව රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ සිළුමිණට කීය.
එක් යෙදවුමක් මෙරටට ආනයනය කරනු ලබන බහාලුම් (කන්ටේනර්) වෙනුවෙන් සකස් කර ඇතැයි ද, ඒ හරහා අදාළ බහාලුම මෙරටට ආනයනය කිරීමට කටයුතු කිරීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය ගැන දැනීමට ආනයනකරුවාට සහ රේගුවට හැකියාව ලැබෙන බවද ඔහු කීය.
ඒ අනුව අදාළ බහාලුම වරායට ගොඩබෑමට ලක් කර ඇත්ද, එය බදු ගෙවනු ලබන අවස්ථාවේ පවතින්නේද, නැත්නම් ඉන්වොයිස් ගත කරනු ලබන අවස්ථාවේ පවතින්නේද එසේත් නැත්නම් වරායෙන් පිටවන අවස්ථාවේ පවතින්නේද යනාදී ලෙස එහි ක්‍රියාකාරීත්වය ජංගම දුරකතනයෙන් පවා දැන ගැනීමට හැකියාව තිබෙන බව ද ඔහු කීවේය.
එම යෙදවුමට අදාළ කටයුතු මේ වන විටත් අරඹා ඇති බව පැවසූ අරුක්ගොඩ මහතා අනෙක් යෙදවුම වාහන ආනයන කටයුතු වෙනුවෙන් සකස් කර ඇතැයිද එය එළැඹෙන සඳුදා සිට (09) ආරම්භ කරනු ලබන බවද ඔහු කීවේය.
එම යෙදවුමට අනුව අදාළ වාහනය නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා ඇත්ද යන්න එහි චැසි අංකය යෙදවීමෙන් පරීක්ෂා කර ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව නීති විරෝධී ලෙස මෙරටට වාහන ගෙන්වීමට වැට බැදෙනු ඇත.
තාරක වික්‍රමසේකර