“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා නම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින එකම මන්ත්‍රීවරයා වනුයේද ජීවන් තොණ්ඩමන් මහතාය. ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයාට දැනුම් දීමට නියමිතය.
පසුගිය මහමැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට එක්සත් ජාතික පක්ෂයේ බහුතර අපේක්ෂකයෝ සංඛ්‍යාවක් තරග වැදුණාහ. ඒ එක්සත් ජාතික පක්ෂ සහ සෙසු හවුල්කාර පක්ෂ අතර ඇතිකරගත් එකඟතා ගිවිසුම්වලට අනුවය. සෙසු පිරිස නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා තරග කළේ එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණෙනි.
එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කළ අපේක්ෂකයන් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජීවන් තොණ්ඩමන් මහතා පමණක් බැවින් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කිරීමට හවුල්කාර පක්ෂ අතර ඒකමතික එකඟතාවයක් ඇති කර ගනු ලැබිණි.
පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කර සිටින මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා හට පක්ෂ නායකයෙකු ලෙස හිමිවිය යුතු පහසුකම් සියල්ලක්ම සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ