පසුගිය රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර වාර්ෂික ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සිකුරාදා (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් එම නියෝගය ලබා දෙන ලදි.
පෙත්සම්කරුවන් විසින් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මඟින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන විස්ස දක්වා වැඩි කළ බවත් එම ගාස්තු වැඩි කිරීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවත් ඒ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.