615
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇති බව සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බවද ඔහු පැවසුවේය. එයට හේතුව පැවැති ආණ්ඩුවේ කටයුතු විමර්ශනය කළ යුතු වීම බවද ඔහු පෙන්වා දුන්නේය.