Home » ඩෙංගු රෝගීන් ගණන 45000ක් පනී

ඩෙංගු රෝගීන් ගණන 45000ක් පනී

රෝගීන් 10,000කට මී උණ

by Mahesh Lakehouse
December 7, 2024 12:31 am 0 comment

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 20ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයක පසුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. පසුගිය නොවැම්බර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3178ක් වාර්තා වී ඇත.

මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 30 දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45227ක් වාර්තා වී ඇති අතර රෝගීන් 22ක් මිය ගොස් ඇත.

එසේම පසුගිය මාස 11ක කාලය තුළදී වාර්තා වී ඇති මී උණ රෝගීන් සංඛ්‍යාව දසදහසක් බවද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division