946
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 20ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයක පසුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. පසුගිය නොවැම්බර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3178ක් වාර්තා වී ඇත.
මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 30 දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45227ක් වාර්තා වී ඇති අතර රෝගීන් 22ක් මිය ගොස් ඇත.
එසේම පසුගිය මාස 11ක කාලය තුළදී වාර්තා වී ඇති මී උණ රෝගීන් සංඛ්‍යාව දසදහසක් බවද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.
දීපාල් සමරසේකර