ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන්ව තිබුණා. මේ වන විට විශාල ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තියෙනවා. ජනතාවට සහනයක් ලබා දීමට රජයක් ලෙස මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගනු ලබනවාද?
බදු ඒකාබද්ධ කිරීම සහ සමහර බදු ඉවත් කිරීම් යන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරි අය වැයේදි තීරණ ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව ඉදිරි අය වැයේදී බදු සංශෝධන සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න අපි වෙහෙස මහන්සි වෙනවා. රට තුළ මේ තියෙන තත්ත්වයට මුහුණ දීමට කටයුතු කළ යුතුයි. පවතින තත්ත්වයට මුහුණ දීමට සහල් ආනයනය කරන්න අපි තීරණය කළා. එසේ කරලා අනෙක් පැත්තට ගංවතුර ස්වභාවික ව්‍යාසනයට රට මුහුණ දුන්නා. හෙක්ටයාර් 41 ලක්ෂයකට වඩා යට වුණා. ඒ මඟින් බරපතළ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අනුව සහල් ආනයනය කිරීමට සිදු වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩල තීන්දු කළා මේ මාසයේ තිස් එක්වෙනිදා වීමට පෙර රට තුළට උපරිම සහල් ගෙන්වා ගැනීමට සියලුම සහල් ආනයන සීමා ඉවත් කිරීමට. ලබන 20 වනදා වන විට මෙට්‍රක් ටොන් 60 – 70ක් දාහක් අතර ප්‍රමාණයක් රට තුළට ඒ අනුව ගෙන ඒමට අපේක්ෂා කරනවා.
රජය වශයෙන් ගත් පියවර ප්‍රමාණවත් කියා සිතනවාද? විෂය භාර ඇමැතිවරයා ලෙස ඔබේ අදහස?
මේ රටේ ජනතාව අපිව විශ්වාස කරලයි මෙතරම් විශාල පාර්ලිමේන්තු බලයක් අපිට ලබා දුන්නේ. මේ රට තුළ මතු වෙලා තියෙන සුවිශේෂ ප්‍රශ්න රැසක් තියෙනවා. මේ රටේ මේ වන විට ඇති වී තිබෙන සහල් ප්රශ්නය ඇතුළු මේ ප්‍රශ්න පසුගිය රජය විසින් ඇති කළ ප්‍රශ්න මිසක අපි විසින් නිර්මාණය කරපු ප්‍රශ්න නොවෙයි. ඒත් ඒ අය කරපු දේවල් කියලා අපි නිදහස් වෙන්නේ නැහැ. අපේ රජය බලයට පත්වෙලා ඉතා කෙටි කාලයයි. ජනාධිපති අනුර දිසානයක සහෝදරයා සැප්තැම්බර් මාසයේ 21 සිට ජනාධිපති බවට පත් වී එතැන් සිට තුන්දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් විසින් අදාළ ආයතන කැඳවමින් සාකච්ඡා කර ක්‍රියාමාර්ග රැසක් සිදු කළා. එතැනින් පසු ජනතා වරම ලබා අපි නව කැබිනට් මණ්ඩලය කැඳවමින් ක්‍රියාමාර්ග ගත්තා. අද වන විට රට තුළ තියෙන ප්‍රශ්න පිළිබඳවත් වැදගත් කරුණු රාශියක් පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබුවා. මේ රටේ සහල් නිෂ්පාදනය පිළිබඳව විවිධ තොරතුරු තිබෙනවා. කෘෂිකර්ම ඇමැති කේ. ඩි. ලාල්කාන්ත සහෝදරයත් මමත් එකතු වෙලා මේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ජා කළා. එහිදි මතු වූ ප්‍රධානම කාරණාව තමයි, අපේ රටේ තොරතුරු පද්ධතිය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. ඒ යථාර්ථයේ බරපතළ ගැටලුවක් තියෙනවා. ඒ ගැටුම කොහොමද සමථයකට පත් කර ගන්නේ කියන කරුණ අපිට තිබුණා. අපේ රටේ වී නිෂ්පාදිතය රටේ ජනතාවට ප්‍රමාණවත්. අතිරික්තයකුත් තියෙනවා. ඒ නිසා මෙතැන ගැටලුවක් තියෙනවා.
මේ සහල් හිඟය කෘත්‍රිමව ඇති කරන ලද්දක් බව ද ඔබ මේ කියන්නේ?
අපි කන්න දෙකක් වගා කරන කෘෂිකර්මික රටක්. අපේ ගොවියෝ මේ කන්න දෙකම වගා ඇතිතරම් කරනවා. ඉදිරියේදී එය තවත් වැඩි කිරීමට අවශ්‍ය වටපිටාව ඇති කිරීමට රජයක් ලෙස අපි කටයුතු කරනවා. ගොවියෝ නියෝජනය කරන ගොවි නායකයන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
ඒ අය මේ රටේ ගොවියෝ වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් නියෝජනය කරනවා. යල කන්න සහ මහ කන්න සැලකුවොත් අපේ රටේ වී නිෂ්පාදනය මහ කන්නයේ මෙට්‍රික් ටොන් 2.6කුත් යල කන්නයේ මෙට්‍රික් ටොන් 2.2කුත් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අනුව වී මෙට්‍රික් ටොන් 4.8ක් නිෂ්පාදනය කරලා තියෙනවා.
එයින් අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 3ක් අපි නිෂ්පාදනය කරනවා. අපේ රටේ සහල් අවශ්‍යතාවය අනුව දිනකට සහල් මෙට්‍රික් ටොන් 6500 ක් අවශ්‍යයි. අපි මේ ගණන් හැදීම සැලකුවාම දිනකට සහල් මෙට්‍රික් ටොන් 6500යි. මසකට සහල් එක් ලක්ෂ අනූපන්දහසක් හෝ ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයක් තමයි සහල් අවශ්‍ය වෙන්නේ. එසේ නම් අපගේ රටේ සහල් අතිරික්තයක් තියෙන්න අවශ්‍යයි. හැබැයි මේ සහල් අතිරික්තයක් ලෙස සංඛ්‍යා ලේඛනවල තිබුණට අපේ රටේ වෙළඳපොළට ගියාම සහල් නැහැ. ඒ නිසා තමයි සහල් පිළිබඳ සාකච්ඡාව දිගින් දිගටම මතු වෙන්නේ. මේ ගණනය කිරිම් සහ සංඛ්‍යා ලේඛන අපි සොයාගෙන ගියාට පසුව එහිදි බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ බත් ආහාරයට ගන්නා පිරිස මෙන්ම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ තවත් බොහෝ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලියට එන්න ඒ ක්ෂේත්රවල අයටත් අවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්නවලට යම් කරුණු ප්‍රමාණයක් අපි සොයා ගත්තා. අපේ ගොවියෝ සහල් මෙට්‍රික් ටොන් තුනක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වී නිෂ්පාදනය කළාට ඒවා වෙනත් ක්ෂේත්‍ර සඳහා යොදා ගන්නා බව පැහැදිලියි.
මේ වන විට සහල් පමණක් නොවෙයි බිත්තර සහ පොල් මිල ඉහළ ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජය ගනු ලබන පියවර කෙබඳුද?
අපේ රටේ බිත්තර කර්මාන්තයෙන් අපි ස්වයංපෝෂිතයි. බිත්තර මිලියන නවයක් අපේ රටේ බිත්තර නිෂ්පාදනය කරනවා. අපේ රටේ බිත්තර පරිභෝජනය මිලියන අටයි. කිකිළියෝ එක්කෝටි විසිපන්ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒවගේම අවශ්‍ය පැටව් ලක්ෂ අසුවක් පමණ ඉන්නවා. කිකිළියන් කෝටි විසි දෙකක් ඉන්නවා. මේ කර්මාන්තයට අවශ්‍ය ආහාර සඳහා සාමාන්‍යයෙන් දිනකට සහල් මෙට්‍රික් ටොන් එක්දහස් පන්සියයක් යනවා. මාසෙකට තිස්දහක් හතළිස් දාහක ප්‍රමාණයක් යනවා. ඒ අනුව ගත් විට අපේ රටේ මේ කුකුළු කර්මාන්තය සඳහා වසරකට මෙට්‍රික් ටොන් 16ක් වෙන් කරන්න වෙනවා. ඒ වගේම සුරතල් සතුන්ගේ ආහාර සඳහා සහල් මිලදී ගන්නවා. සුරතල් මසුන්ට මෙන්ම බියර් නිෂ්පාදනයට සහල් ලබා ගන්නවා. ඒ සඳහා මෙට්‍රික් ටොන් පහළොවයි කියලා කිව්වත් සංඛ්‍යා ලේඛනවල ඊට වඩා වැඩි බවක් පේනවා. එය 16000 ලෙස සංඛ්‍යා ලේඛනගත වෙලා තියෙනවා.
සහල් මාෆියාවක් ඇති බවට ඇතැමුන් කියනවා. මේ සඳහා විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව ඔබේ රජය බලයට පත් වීමට පෙර කිව්වා නේද?
රටේ සහල් අවශ්‍යතාවය කොපමණද නිෂ්පාදනය අතිරික්තය කොපමණ ද අනෙකුත් කර්මාන්තයට යන ප්‍රමාණය කොපමණ ද යන කාරණා පිළිබඳව දත්ත එකතු කරන්න තැනක් නැහැ. මේ සියලු දේවල් විධිමත් කළ යුතුයි. මේ පිළිබඳව මීට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධ කරගෙන දත්ත එක් තැනකට ගෙනල්ලා දත්ත පද්ධති 20 ක් ඉදිරියෙදී පෙළ ගස්වන්න අපි කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ සතොස හරහා මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමෝමටම ප්‍රශ්නයක් තිබුණා, ඇයි මේ මෝල්වලට ගිහින් සහල් ගෙන එන්නේ නැත්තේ කියලා. අපි මෝල් හිමියන් ගෙන්නලා කිව්ව මේ ප්‍රශ්නයට මීට වඩා දුර යන්න තියන්න එපා මෝල්වල තියෙන සහල් තියෙනවා නම් පිළිතුරු දෙන්න කියලා. ඒ අනුව ඒ අය කිව්වේ බැංකුවල ගැටලුවක් තියෙනවා; ඒ නිසා ජනාධිපතිතුමා මැදිහත් වෙනවා නම් පිළිතුරක් සොයලා දෙන්නම් කියලා ඒ අය කිව්වා. ඔවුන් අපිට එකඟ වෙලා තියෙනවා. රුපියල් දෙසිය විස්ස බැගින් වෙළඳපොළ මිලකට දිනකට ලක්ෂ දෙකක් සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබාදීමට අද සිට ඒ මෝල්වලින් සහල් ගෙනත් දෙනවා. 20 වැනිදා දක්වා විවෘත වෙළෙඳපොළෙන් සහල් ආනයනකරුවන් හරහා සහල් ලැබෙනවා. ඒ වගේම ලබන 20 වැනිදායින් පසුව සහල් මෙට්‍රික් ටොන් දහදහස් දෙසීයයක් ලංකාවට එනවා. එතැනින් පසුව රට තුළට මෙට්‍රික් ටොන් 41 ක් ලංකාවට එනවා. ඒ හරහා සහල් වෙළඳපොළ තුළ සිදු වූ හිඟය සමනය කරන්න අපි කටයුතු කරනවා. ඒ ආකාරයට සහල් ප්‍රශ්නයට විසඳුම් සොයන්න කටයුතු කරනවා.
පොල් ගැටලුවක් මතු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි තීරණයක් ගත්තා. ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයාත් වෙළඳ ඇමැතිවරයා ලෙස මමත් පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයත් කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල ඇති ආයතන ද වැවිලි කර්මාන්ත අමාත්යායංශයට අයත් ආයතන ද කැඳෙව්වා. විශේෂයෙන් තදාසන්න නාගරික මිනිස්සු පොල් හිඟයට මුහුණ දෙන්නේ. ඉදිරි සති දෙක තුළ රුපියල් 130ක මිලකට සතොස හරහා පොල් ලබාදීමට කටයුතු කරනවා
රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා කියලා ඔබ චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?
රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි ආයතනයන් විවිධ පුද්ගලයන් ලෙසත් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කරනවා. ජනතාවට අපහසුතාවයක් ඇති නොවන්නට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා.
උදාවන උත්සව සමයට රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් සහනයක් ලබා දෙනවාද?
උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළඳපොළ තුළ තියෙන තත්ත්වයක්. ඒ නිසා එය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කරනවා. ජනතාව අපහසුතාවයක් ඇති නොවන්නට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා.
අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 25%අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා.
සුභද්‍රා දේශප්‍රිය