සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුට රුසියාවේ සරණාගතභාවය ලැබී තිබේ.
හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවේ මොස්කව් වෙත පැමිණ ඇත්තේ, පවුලේ සාමාජිකයින්ද සමගින් බව සදහන් වේ.
මානුෂීය හේතූන් මත රුසියාව ඔවුන්ට සරණාගතභාවය ලබා දුන් බව රුසියාව පවසා ඇත.
රුසියාව අසාද්ගේ පාලන තන්ත්‍රයේ ප්‍රධාන මිතුරෙකු වූ අතර රුසියාව සිරියාවට බොහෝ ආධාර උපකාර කළ රාජ්‍යයක් ලෙසින් ද සැලකේ.
සිරියානු සටන්කාමීන් ඩමස්කස් අගනුවර පාලනය අත්පත් කර ගැනීමත් සමග අසාද්ගේ 24 වසරක පාලනය අවසන් වේ.
හයාත් ටරිර් අල්-ෂාම් විසින් දියත් කරන ලද මහා පරිමාණ ප්‍රහාරයෙන් පසු සිරියානු අගනුවර සීඝ්‍රයෙන් අල්ලා ගනු ලැබීමත් සමග සිරියානු ජනාධිපතිවරයා රටින් පලා ගිය අතර ඔහු කුමන රටකට ගියාද යන්න පිළිබඳව ප්‍රකාශ කර නොතිබුණි.
මේ අතර සිරියානු අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස රුසියාව ඉල්ලා ඇති තිබේ.