Home » හෙක්ටයාරයකට රු. ලක්ෂයක වන්දියක් වගා හානිවලට ගෙවන්න සූදානම්

හෙක්ටයාරයකට රු. ලක්ෂයක වන්දියක් වගා හානිවලට ගෙවන්න සූදානම්

by chanaka
December 9, 2024 2:44 pm 0 comment

ගංවතුරෙන් සිදුවූ පූර්ණ වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගොවීන් වෙත ලබාදිමට හැකි බව කෘෂීකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කියයි.

මේ සදහා වූ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු වන බවත් ඒ පිළිබඳව ගොවීන් කිසිඳු සැක සංකාවක් තබා ගත යුතු නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

ඒ අනුව ගොවීන්ගේ වගාවන්ට සිදුවූ පූර්ණ හානි සදහා අදාළ තක්සේරු මුදලද, අර්ධ හානි සඳහා චක්‍රලේඛයේ සඳහන් 60% ක වන්දි මුදලද මූලික හානි සඳහා 40% ක වන්දි මුදලදක්ද හිමිවේ.

රුපියල් 40,000ක වන්දි මුදලක් ලබා දෙන්නේ වගා හානි සිදුවූ අක්කරයක කුඹුරු බිම් ප්‍රමාණයක් සදහා බවද වගා හානි තක්සේරු කිරීම් නිමවූ වහාම ඉදිරියේදී එම වන්දි මුදල් කඩිනමින් ගොවීන් වෙත ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division