Home » ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියාවෙන් ආධාර

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියාවෙන් ආධාර

by chanaka
December 10, 2024 1:13 pm 0 comment

එකමුතුභාවය පිළිබඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දෙමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑත කාලීන ගංවතුරෙන් අවතැන් වූ සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ ජනතාවට සහනාධාර ලබා දීමට පියවර ගත්තේය.

මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනාරාල් ශ්‍රී සායි මුරලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා විසින් දෙසැම්බර් 7 වැනිදා මෙම සහනාධාර බෙදා දෙන ලදී.‍

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලෙයි සහ වෙල්ලන්කුලම් ගම්මානයන්හි සහ මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි සහ මන්තායි නැගෙනහිර ප්‍රදේශයන්හි පවුල් 2,100කට පමණ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම සිදුවිය. මෙම අසීරු කාලයේ පවුල් සඳහා අවශ්‍ය වන පැදුරු සහ පොරවන රෙදි සහනාධාර පැකේජයට ඇතුළත් විය.

මෙම සහයෝගය ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දැක්ම පිළිඹිබු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division