ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබේ.
ඔහු ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමිනි.
ඒ අනුව ඩිං ලිරන්ව 7 පරාජය කළ ගුකේෂ් දොමරජු,18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගතවනු ඇත.
එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂී වේ.
විදෙස් වාර්තාවන්ට අනුව ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන් මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා යි.
චීනයේ ඔහුට හිමි වන්නේ දෙවන ස්ථානය බව සඳහන්වේ.
තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.
මෙම තරඟයෙන් ජයග්රහණය කළ ගුකේෂ් දොමරජු වයස අවුරුදු 6 හමාරේ සිට චෙස් ක්රීඩාවට යොමු වී ඇති අතර මෙම ජයග්රහණය ලබන්නට හීන මවමින් සිටි බව පැවැසීය.