Home » “I AM the Sri Lankan Entrepreneur 2024” ව්‍යවසායකත්ව සම්මාන උලෙළ මාර්තු 05 දා

“I AM the Sri Lankan Entrepreneur 2024” ව්‍යවසායකත්ව සම්මාන උලෙළ මාර්තු 05 දා

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයින් ඇගයීමකට ලක් කරන I AM the Sri Lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය 2025 මාර්තු 05 දා කොළඹදි පැවෙත්වීමට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of Lankan Entrepreneurs (COYLE) කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකාවේ දසත විසිරී සිටින කවර හෝ කර්මාන්ත අංශයක නවෝත්පාදනය සපිරි ව්‍යවසායකත්ව කුසලතා විදහා දක්වා ඇති ඕනෑම අයෙකුට ජාතික මට්ටමින් තම ව්‍යවසායක කුසලතා ඇගැයීමකට ලක් කිරිම සඳහා මෙම සම්මාන ප්‍රදානයෙන් මහැඟි අවස්ථාවක් ලැබෙන බව සංවිධායක මඬුල්ල පවසයි.

මෙම සම්මාන ප්‍රදානය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඒ සදහා අවශ්‍ය අයදුම්පත් COYLE – www.coyle.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක. අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය 2025 ජනවාරි 15 වේ .

“වඩාත් ශක්තිමක් හා ගෝලීය වශයෙන් වඩාත් තරගකාරි ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැංවීමේ COYLE හි ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සම්මාන ප්‍රදානය සඳහා එක්වන ලෙස දසත විසිරි සිටින සියලු ව්‍යවසායකයින්ගෙන් අප ඉල්ලීමක් කර සිටිනවා,” යැයි සංවිධ‍ායක මණ්ඩලය පවසයි.

පළාත් මට්ටමේ සිට දිස්ත්‍රීක් මට්ටම දක්වා ව්‍යවසායකයින් මෙහිදි ඇගැයීමට බඳුන් කරන බවත් , එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය ගොඩනැඟීමට මූලික වන ව්‍යාපාරික විශිෂ්ටත්වය උදෙසා මහඟු ගෞරවයක් හා උත්තේජනයක් ලබා දෙන බවද පවසයි.

“මෙහිදි අප ව්‍යවසායකත්ව සම්මාන 65 කට අධික ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතයි. ඒ අතරේ “හොඳම තරුණ ව්‍යවසායකයා”, “හොඳම කාන්තා ව්‍යවසායිකාව” හා “හොදම සමාජ ව්‍යවසායකයා” යන සම්මාන ප්‍රධානයි. මෙහි ප්‍රධාන සම්මානය ලෙස “වසරේ ව්‍යවසායකයා” සම්මානයයි.

සම්මාන ප්‍රදානයේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සදහා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා COYLE හි පුර්ණ මාර්ගෝපදේශනය ලබා දෙන බවත් සඳහන්ය.

ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ විගණන හා කළමනාකරණ උපදේශන සේවා ආයතනයක් වන Ernst & Young ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විශේෂඥත්වය ඇති ස්වාධීන වින්ශ්චය මණ්ඩලයක පූර්ණ ඇගැයීම හා නිර්දේශය යටතේ අදාල සියලු සම්මාන පිරිනැමීම සිදු කරයි.

COYLE හි තරුණ ලංකික දැක්ම තුළින් පන්නරය ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවය, අනාගත නායකයින්ගේ වර්ධනයට මඟ පෙන්වයි. එමෙන්ම ව්‍යාපාරිකයන්ගේ නවෝත්පාදක දැක්ම තහවුරු කරමින් තරුණ නවෝත්පාදකයින් දිරිමත් කිරීම සහ ජාත්‍යන්තර තරගකාරී ව්‍යාපාරික පරිසරය වර්ධනය කිරීම මෙම සම්මාන උලෙළ සංවිධානය කිරිමේ COYLE හි ප්‍රමුඛ අරමුණු අතර වෙයි .

වසර 25කට වැඩි කාලයක් පුරා, COYLE ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශය ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීම, සහ සාර්ථකත්වය සඳහා දැවැන්ත පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට අවස්ථා සලසමින් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි.

ඒ අනුව “I AM the Sri Lankan Entrepreneur 2024″ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව කුසලතා ඔප නැංවීමෙහිලා වන COYLE හි ප්‍රමුඛත්වය තවදුරටත් සනාථ කරන බවද සඳහන්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division