Home » අමෙරිකානු තානාපතිනිය ලංකා බැංකු නිලධාරීන් හමුවෙයි

අමෙරිකානු තානාපතිනිය ලංකා බැංකු නිලධාරීන් හමුවෙයි

by Mahesh Lakehouse
December 14, 2024 12:32 am 0 comment

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කරන ජුලී චන්ග්, පසුගිය දා ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‌යාලය වෙත පැමිණි අතර, එහි දී ඇය ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වූවාය.

අමෙරිකානු තානාපතිනියගේ සංචාරය පිළිබඳ අදහස් දැක් වූ ලංකා බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, “ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ලංකා බැංකුවේ සංචාරයක නිරත වීම අපට ඉමහත් ගෞරවයක්. ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ තුළ අ‍ෙමරිකා එක්සත් ජනපදයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙම හමුව ශ්‍රී ලංකා, ආර්ථික වර්ධනය, නවෝත්පාදන ඉදිරියට ගෙන යාම, මූල්‍ය අන්තර්ගතයන් ප්‍රශස්ත කිරීම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අප ගෙන යන කාර්යභාරය තව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division