Home » යූනියන් ඇෂුවරන්ස් සහ සෙලාන් බැංකු රක්ෂණ සේවා විශිෂ්ටයන් සමරයි

යූනියන් ඇෂුවරන්ස් සහ සෙලාන් බැංකු රක්ෂණ සේවා විශිෂ්ටයන් සමරයි

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

යූනියන් ඇෂුවරන්ස් විසින් පසුගියදා සෙලාන් බැංකු රක්ෂණ සේවා හවුල්කාරිත්වයේ ජයග්‍රාහක සැමරුම් උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී සෙලාන් බැංකු ශාඛා ජාලයේ 100කට අධික සාමාජිකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ ඇගැයීමට ලක් විය.

මේ පිළිබඳ, යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන සහයෝගිතා බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය.” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෑන්කින් ඇෂුවරන්ස් සැපයුම්කරුවකු ලෙස, සහයෝගිතාව සම්බන්ධ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට යූනියන් ඇෂුවරන්ස් කැප වී සිටිනවා. මේ සම්මාන උත්සවයේ දී අපගේ සහකරු වන සෙලාන් බැංකුවේ විශිෂ්ට ජයග්‍රහණ ගෞරව ප්‍රණාමයට පාත්‍ර කරනවා වගේම, බෑන්ක් ඇෂුවරන්ස් සහකරුවන් සමඟ සවිමත් සම්බන්ධතා පවත්වා ගැනීමට සමාගම දක්වන කැපවීම පිළිබිඹු කෙරෙනවා…”

සෙලාන් බැංකුවේ සාමාන්‍ය බැංකුකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යුජින් සෙනෙවිරත්න, යූනියන් ඇෂුවරන්ස් සමඟ පවත්නා සහයෝගීතාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේ බෑන්ක් ඇෂුවරන්ස් සහයෝගීතාව කොපමණ සාර්ථක හා ඵලදායී වී ඇත්දැයි අවධාරණය කරමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division